උණුසුම් පුවත්
Search
harshi

”අම්මා දුවගෙන ඇවිත් ෆොටෝ එක පෙන්නපු බෝයි තමයි අන්තිමට බැන්දේ” – හර්ෂි අංජුමාලා

1583

අද වෙද්දි කලා ලෝකය තුළ අලුත් රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන්ගේ මුහුණවල් අපිට දකින්නට ඉඩ කඩ තියෙනවා. මේ බොහෝ දෙනා රියැලිටි වැඩසටහනක් හරහා හෝ අවුරුදු කුමාරි කුමාරි තරගාවලියක් හරහා හෝ කලාවට පිවිසුණු අය වීම විශේෂත්වයක්. ඉතින් ඒ විදිහට පුංචි නර්තන තරුවක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත රියලිටි වේදිකාව හරහා අවුරුදු 12න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම තරුව වූ ඇය අපි කොයි කවුරුත් ආදරය කරන හර්ෂි අංජුමාලයි.

image 414
image 415

ඇය කලාවට එන්නේ සිදු ටෙලි නාට්‍ය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත සොරා ගනිමින්. ඉන් අනතුරුව මේ වෙද්දි ටෙලිනාට්‍ය 10කට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දෙමින් රිදී තිරයේත් විවිධ ආරාධනා ලබන්න වාසනාවන්ත වෙමින් කලාව තුළ තමන්ගෙම ගමනක් ආරම්භ කරලා තියෙනවා.

image 416

ඉතින් මේ සුන්දර තාරකාව පසුගිය දවසක විවාහ වුණා…. ඇය මේ විදිහට විවාහ වුණේ සංජු සංජය නැමැති පුද්ගලයෙක් සමගයි. මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ හරිම අහඹු විදිහට. ඒ වගේම ඒක හරි ආදරණීය හමුවීමක්. ඒ පිළිබඳව හර්ෂි කිව්වේ මේ වගේ කතාවක්.

image 409

“මම එයාව මුලින්ම දැක්කේ හෑන්ඩ් ෆෝන් එකට ආපු පින්තූරයක් විදිහට. ඒක හරි අපූරු අවස්ථාවක්…. මම නොමැකෙන මතක ටෙලි නාට්‍යයේ ෂූටිං වලට මොරටුවෙ location එකට ගියා. ඒ ගෙදර හිටපු ඇන්ටි කෙනෙක් එක්ක අම්මා කතා කර කර ඉඳලා එක පාරටම අම්මා ඇවිත් කිව්වා මගේ ෆොටෝ එකක් අම්මට එවන්න කියලා…. මම කිව්වා මේ ෂූටින් අස්සේ ෆොටෝ එවන්න බෑ කියලා ඒත් බ්‍රේක් එකක් හම්බ උනහම මම ෆොටෝ එකක් යැව්වා…. ඊළඟ චුට්ටක් ඉවර වෙලා ඉද්දි අම්මා දුවගෙන ඇවිත් boy කෙනෙකුගේ ෆොටෝ එකක් පෙන්නලා ඇහුවා මෙයා හොඳයිද කියලා. මම කිව්වා එහෙම මට තීරණය කරන්න බෑ කියලා… ඒ විදිහට ආපු ප්‍රපෝසල් එකකින් තමයි අපි හම්බ උනේ”

image 410
image 411
image 412

ඉතින් හර්ෂි ඔහුගේ හමුවීම පිළිබඳව ඒ විදිහට අදහස් දක්වද්දී ඇය මාස හයක්ම ඔහුව නොදැක තමයි ආදරේ කරලා තියෙන්නේ. මොකද මේ ආදරණීය පෙම්වතා ඒ වෙද්දිත් විදෙස්ගත වෙලා රැකියාව කරපු කෙනෙක් නිසයි. ඊට පස්සේ මාස 6කට පසු ඔහු ලංකාවට ආවහම දෙමව්පියන්ගේ ආශිර්වාදය මත හැමදේම කතා කරලා ඇගේ පෙම්වතා නැවතත් ඕස්ට්‍රේලියාවට ගියා.

image 413
image 407
image 408

ඊට පස්සේ සියලුම දෙනාගේ ආශිර්වාදය මත ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම ඉන්න කාලයේදී තීරණය කරා ඔහුත් සමග විවාහ වෙන්න. මේ විදිහට විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණු අතර ඉදිරියට හර්ෂි තමන්ගෙ ආදරණීය ස්වාමි පුරුෂයා සමඟ විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ආරංචියි. ඉතින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ විවාහ ජීවිතයේ ඉදිරි වැඩ වැඩ කටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

image 406
image 403
image 404

Source – Siri Lanka

Photos – Harshi Anjumala fb page




Leave a Reply

Your email address will not be published.