උණුසුම් පුවත්
Search
Untitled design 14

” 9 වසරෙදි ඇස් වලින් කතා කරපු පිරිමි ළමයා තාම බැඳලා නෑ එයා අදටත් මට ආදරෙයි ” – නිරංජනී ශන්මුගරාජා

92

නිරන්ජනී ෂන්මුගරාජා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. උපතින්ම දමිළ ජාතික යුවතියක් වන ඇය සම්මානනීය කලාකාරිනියක් ද වනවා. බොහෝ සිනමා පට සඳහා සිය අග්‍රගණ්‍ය තාත්වික රංගනය විදහා දැක් වූ ඇය වටා ජාති භේදයකින් තොරව බොහෝ රසික රසිකාවියන් පිරිසක් එක්රොක් වී සිටිනවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා සති අග පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ පාසැල් කාලය ආවර්ජනය කළේ මේ විදියට.

GGbVFV95683703677 Niranjani Shanmugaraja New Shoot

ඇත්තටම පාසල් යන කාලේ මම උපරිම දඟ ළමයෙක්. ඒ වගේම තමයි මම ඉගෙනුම් කටයුතු වලටත් කලා අංශයේ කටයුතු වලටත් ගොඩක් දක්ෂයි. පුංචි කාලේ ඉඳන්ම පන්තියේ එක දෙක තුන ස්ථාන අරගෙන තියෙනවා. මගෙ අක්කයි මමයි එකම එකම ඉස්කෝලෙක ඉගෙන ගත්තෙ. ඉතින් මම කරන වැඩ වලට අක්කට හැමදාම වගේ එන්න වෙනවා ඔෆිස් එකට. මම කරන සමහර වැඩ නිසා එයා ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මට මතකයි දවසක් බස් ස්ට්‍රයික් එකක් තිබුණා. ඉතින් මමයි මගේ යාළුවෝ දෙන්නයි කළේ ඉස්කෝලේ ළඟ ඉඳලා ගෙදරට එනකම් ම කිලෝමීටර හයක් ඇවිදගෙන ආපු එක. අපි අයිස් පැකට් කකා රටකජු කකා හිමින් ගෙදර එද්දි හවස පහයි. ඒ වෙද්දි අක්කත් කොහොමහරි ගෙදර ගිහින්. මම නෑ කියලා ගෙදරින් හොදටම බය වෙලා. ඉතින් මම ආවා විතරයි හොඳටම ගුටි කෑවා එදා නම්. අපිට කොහොම හරි එන්න ක්‍රම තිබුනත් අපි තුන්දෙනා ට්‍රිප් එකක් යනව වගේ ආතල් එකේ ඇවිදගෙන ආවා. ඇත්තටම මේ දේවල් වලට කොච්චර දඬුවම් වින්දත් හැදෙන්නේ නෑ.

121118470 404520384283781 8311669964107328439 n

ඉතිං ඒ කාලෙදි හීනියට වගේ පාසල් ප්‍රේමයක් තිබුනා. මුලින්ම ඇස් වලින් තමයි ඒ ආදරේ ගනුදෙනු සිද්ධ වුණේ. එතකොට මම 9 වසරේ. ඉතින් ඒ ආදරේ අවුරුදු ගාණක්ම තිබුණා. ඇත්තටම කියනවා නම් ඒ ආදරේ කරපු කෙනා අදටත් මට ආදරෙයි. ඔහු තව වෙනතුරු විවාහ වෙලත් නැහැ. තවම මාව බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතිං ඒ අය අතරේ තමයි මේ වන තුරුත් පාසල් ප්‍රේමය විදියට මගේ මතකයේ තියෙන්නේ. “

මේ විදියට තමයි ඇය පවසා සිටියේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ ඉදිරි කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

niranjali3