උණුසුම් පුවත්
Search
bukar

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට

317

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.

ඔහු විසින් රචිත ”ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනු ලැබේ.

ඔහුගේ පළමු නවකතාව වන “Chinaman” නැමැති ග්‍රන්ථය 2011 වර්ෂයේ දී එළිදැක්වූ අතර එය Rolling Stone, GQ සහ National Geographic යන ප්‍රකාශන ආයතන විසින් ද ප්‍රකාශයට පත් කර තිබේ.

කරුණාතිලකයන් 1975 දී ගාල්ලේ උපත ලැබූ අතර හැදී වැඩුණේ අගනුවර කොළඹ ය.

ඔහු බොහෝ ජාත්‍යන්තර ප්‍රකාශන සඳහා ලිපි ලියා ඇති අතර ලන්ඩන්, ඇම්ස්ටර්ඩෑම් සහ සිංගප්පූරුවේ විවිධ රැකියා වල සේවය කරමින් ජීවත් විය.

මෙවර බුකර් ත්‍යාගය සඳහා වූ කෙටි ලැයිස්තුවට බ්‍රිතාන්‍ය කතුවරයකු වන ඇලන් ගාර්නර්ගේ “ට්‍රේකල් වෝකර්”, සිම්බාබ්වේ කතුවරයකු වන නොවයලට් බුලවායෝගේ “ග්ලෝරි” සහ ඇමරිකානු ලේඛක පර්සිවල් එවරෙට්ගේ “ද ට්‍රීස්” ද ඇතුළත් විය.