උණුසුම් පුවත්
Search
anjana kulathunga

අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ නිසල දේහය මහවැලි ගඟෙන් මතුවෙයි

239

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටිය දී ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටී සිසුවාගේ මෘත දේහය ගැටඹේ ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබිය දී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරනවා.

ගැටඹේ දෙවනි රාජසිංහ මාවත ආරම්භ වන ස්ථානයට මඳක් නොදුරින් මාවැලි ගඟ මැද පාවෙමින් තිබිය දී පේරාදෙණිය පොලීසිය විසින් මොහුගේ සිරුර අද (21) සොයාගෙන තිබෙනවා.

අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබුණා.

එහි සඳහන්ව තිබී ඇත්තේ ඔහුට බාධාවක් නොපැමිණියහොත් මහවැලි ගඟ අයිනක තිබි ඔහුගේ ශරීරය සොයාගත සොයාගත හැකිවනු ඇති බවයි.

ඒ අනුව අද මහවැලි ගඟේ තිබී හමුවූ සිරුර ඔහුගේ බව දෙමව්පියන් විසින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.