උණුසුම් පුවත්
Search
k sujeewa and nayana

අතුරුගිරියේ සිද්ධියෙන් හෙළි වූ කේ.සුජීවාගේ තෙවන සැමියා නයනගේ දේහය සුජීවාගේ දියණියන් බාරයට

662

ඊයේ (09) අතුරුගිරියේ සිදු වූ සිද්ධියෙන් මේ වනවිට දෙන්නෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලද අය අතරින් එක් අයකු වන්නේ ජනප්‍රිය ගායිකා කේ සුජීවා යි. ඇගේ පාදයේ සැත්කමක් කර තිබෙන අතර ඇය සුවය ලබමින් පසුවන බව රෝහල් ආරංචි හෙලි කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා ගැන මුල් පුවත් වාර්තා වල සඳහන් වූයේ ඒ ක්ලබ් වසන්තගේ බොඩිගාර්ඩ් බවය. නමුත් දැන් ලැබෙන අලුත් වාර්තා වලින් කියැවෙන්නේ එසේ මියගියේ ගායිකා කේ. සුජීවාගේ වත්මන් සැමියා නයන වාසුල විජේසුරිය බවයි. 52 හැවිරිදි ගායිකාව 2021 දී තෙවැනි වරට 37 හැවිරිදි නයන වාසල සමග විවාහ වූ බව කියැවේ. ඔහු කේ. සුජීවා සමග විවාහ වීමට පෙර ප්‍රසිද්ධ ධර්ම කථික හිමිනමක් ලෙස කටයුතු කළ අතර වසර 20කට ආසන්න කාලයක් පැවිදි ජීවිතයක් ගත කල ලංකාව පුරා රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය තුලින් පවා ඉතාම දක්ෂ ලෙස මිහිරි හඬින් බුදු බණ දෙසූ, වහරක දම්සක් විහාරයේ වැඩ සිටි ”ගම්පහ මහානාම හිමි ” නම් වූ භික්ෂූන් වහන්සේය. කේ. සුජීවා සමග ආදර සම්බන්ධයක් ඇති කර ගත් ඔහු පැවිදි දිවිය හැර ඇය සමග විවාහ වූ බව කියැවේ.

No photo description available.

කෙසේ වෙතත් සිය පළමු සැමියා සුනෙත් කැලුම් හා දෙවන සැමියා අජිත් මුතුකුමාරනගෙන් පසු ඇය‍ හෝ ඇගේ දියණියන් තෙවැනි සැමියා ගැන ඡායාරූපයක් හෝ පළකිරීමෙන් වැළකුණ අතර ඒ නිසා ඔවුනගේ විවාහය ගැන දැන සිටියේ අතලොස්සකි.

ඝාතනය සිදු වූ උත්සවයට නයන වාසල මහතා සම්බන්ධ වී අකාලයේ මරණයට පත්වීමෙන් ඔහුගේ පැවිදි කල සමීප ඇසුරක් පැවති හිමිනමක ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ උපාලි හිමි නිරපරාදේ ජීවිතය නැතිකරගැනීමේ කණගාටුවය. එම සටහන නිසලවිල සදහම් විහාරය ෆේස් බුක් පිටුවේ මෙසේ දැක්වේ.

May be an image of 5 people, people smiling, television, newsroom and text

උඹයි,මමයි මහණ වුණේ එක දවසේ..උපසම්පදා වුණේ එක දවසේ..උඹයි මායි එක වයසේ..උඹ සිල් රකින්න බෑ කියද්දී ,උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..ඒත් උඹ බණට මට වඩා දක්ෂයි..උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද? උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..උඹ උපන්නෙම සිවුරට..උඹ ගැලපුනේම සිවුරට..ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා.. ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ..රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි..සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්..මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාරයට ගෙන නිවසට රැගෙන ගොස් ඇතැයි කියවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ. සුජීවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

May be an image of 3 people and people smiling