උණුසුම් පුවත්
Search
iran president

ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ ඉරාන ජනාධිපති ඇතුළු පිරිසගේ සිරුරු ගැන තවදුරටත් සොයා බලයි

181

පසුගිය දා ශ්‍රී ලංකාවටද පැමිණ ගිය ඉරාන ජනපති ඊබ්‍රහම් රයිසි සහ විදේශ ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ඇතුළු පිරිස හෙලිකොප්ටර අනතුරින් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තහවුරු කිරීමෙන් පසු ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් විසින් නිකුත් කරන ලද දර්ශන වල දැක්වෙන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සිරුරු ගොඩ ගන්නා ආකාරයයි.

President of Iran dead after helicopter crash | World News | Sky News

වේල්ලක් විවෘත කිරීමේ රාජකාරී කටයුත්තක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් ද රැගත් හෙලිකොප්ටරයෙන් ගමන් ගනිද්දී අයහපත් කාලගුණ තත්වය මැද අන්තරායකාරී ගොඩබෑමකට ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව හමුදා නිලධාරියෙක් පවසා ඇත.

ඉරානයේ උතුරු ප්‍රදේශයේ පවතින අධික මීදුම හේතුවෙන් යානය කඩා වැටී ඇති බව ඉරාන බලධාරීහු පවසති.

නිකුත්ව ඇති ඡායාරූප කිහිපයක් පහතින්.

May be an image of 5 people and text that says "K4 KURDISTAN24"

May be an image of 6 people, fog and text that says "K24 KURDISTAN24 WAANA"

May be an image of 6 people, fog and text that says "K24 KURDISTAN24"

May be an image of 6 people, fog and text

May be an image of 6 people, fog and text that says "K24 KURDISTANZ& KURDISTAN24"