උණුසුම් පුවත්
Search
sangeeth and kasthuri

”අපි දෙන්නගෙ හොඳම ගැළපීම තමයි අපි දෙන්නම වෙජිටේරියන්” – සංගීත් ප්‍රභූ

386

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතරින් ඉහල රසික ආදරයක් ලැබුණ් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය හරහා යි. එහි කවඩියා විදියට අවුරුත් දැන හදුන ගත්ත සංගීත් සම්මානනීය රංගන ශිල්පියෙක්. පසුගිය දා පැවත්වුණු සුමති සම්මාන උළෙලේ වසරේ හොදම නැගී එන ටෙලිනාට්‍යය නළුවා විදියට සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණු සංගීත් ප්‍රභූ මේ වන විට ආදරවන්තයෙක් කියලා ඔහුට ආදරය අරන බොහෝ දෙනෙක් දන්නවා.

image 149

ඉතින් සංගීත් ප්‍රභූ ඔහුගේ ආදරය කාලයක් ප්‍රේක්ෂකයින්ට රහසක් විදියට කරගෙන ගියත් මේ වන විට ඔහුගේ සිහින කුමාරිය ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියලා දන්නවා.

image 147

ඉතින් කස්තුරි – සංගීත් ආදරය පටන් අරන් වසර කිහිපයක් වෙනවා. ඉතින් ඒ දෙන්නගේ හොදම ගැලපීම ගැන සංගීත් සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.

image 146

”අපි දෙන්නගෙ හොදම ගැලපීම තමයි අපි දෙන්නම වෙජිටේරියන්… ඉතින් කස්තුරි රගපාපු පළවෙනි ටෙලිනාට්‍යයට ඇයට ආරාධනා කලේ මම. ඒ ටෙලිනාට්‍යයේ අපි සෙට් එකේ කෑම කන්න ඉන්නකොට කස්තුරිත් මස් මාලු කන්නෙ නෑ කිව්වා. ඊට පස්සේ තමයි ටික ටික කතා බහ කලේ. කස්තුරිට ඉස්සර රුපියල් 40ක වඩේ අරන් දුන්නොත් හොදටම ඇති…. මොකද එයා වෙජිටේරියන් නිසා. දැන්නම් එයා වෙජිරෝල් එකයි අයිස් කොෆියි තමයි බොන්නෙ. දැන් 700 ගානක් යනවා…”

image 148