උණුසුම් පුවත්
Search
lasith malinga wife

කහ කිරිල්ලියක් වගේ හැඩ වුණ ”යෝකර් කින්” මාලිගේ සුරූපී බිරිඳ (ඡායාරූප සහිතයි)

294

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනාට ලංකාවේ වැඩිම පිරිසක් ආදරය කරන ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ. ඉතින් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා. ඒ තමයි ලෝකයක් ආදරේ කරන ”යෝකර් කින්” අපේ ලසිත් මාලිංග. තමන්ටම ආවේනික රුවක් පවත්වාගෙන යන වගේම අවේනික ක්‍රමයකින් ක්‍රීඩා කරන අති දක්ෂ ක්‍රීඩකයෙක්. ලසිත් මාලිංග ගේ සම්පුර්ණ නම සෙපරමාදු ලසිත් මාලිංග…. ඒ වගේම මේ වනවිට මාලිංග 38වන වියෙහි පසුවෙනවා.

image 437

මාලිංග කියන්නේ රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩුන තරුණයෙක්. මාලිංග අධ්‍යාපනය හදාරන්නේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල් වලින්. එහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකක් වන චම්පක රාමනායක විසින් ඔහුගේ දක්ෂතා හඳුනාගෙන මාලිංගට ලංකා ක්‍රිකට් පදනමට සහභාගී වන ලෙස ආරාධනා කරලා තිබ්බා. ඒ වගේම තමයි මාලිංගගේ හැකියාවන් වර්ධනය කරගන්න උදවු කරලා තියෙන්නෙත් චම්පක රාමනායක විසින්.

image 438

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන මාලිංග විවාහ වෙන්නේ ටාන්‍යා පෙරේරා සමගයි. ටාන්‍යා පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රකට චරිතයක් වූ රේණුක පෙරේරාගේ දියණියක්.

image 439

ඒ වගේම තමයි ටාන්‍යා සහ මාලිංග ගේ ආදර සම්බන්දය පටන් අරගෙන තියෙන්නේ දැන්වීම් රූගත කිරීමක් නිසා කියලයි අපට දැනගන්න ලැබුනේ.

image 436

එම අවස්ථාවේ event manager විදියට කරයුතු කරලා තියෙන්නේ ටාන්‍යා පෙරේරා. මේ දෙදෙනා මුණගැසුන පලවෙනි මොහෙතේම දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන කියලා තමයි මාලිංග මීට පෙර සාකච්චාවක දී කියා සිටියේ.

image 440

මාලිංග මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරගෙන සිටි නමුත් ඔහු ගැන අදටත් බොහෝ දෙනා කතා වෙනවා. ඒ වගේම පසුගිය දවස් වල මාලිංගගේ ආදරණීය බිරිඳ වන ටාන්‍යා පෙරේරා ගැනත් හැමෝම කතා වෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ අලුත් පෙනුම. ටාන්‍යා ළඟදී අලුත් කොන්ඩ විලාසිතාවක් කරලා. ඇත්තටම ඒ විලාසිතාව ඇයට ගොඩක් සුන්දරයි. ඉතින් මාලිංගගේ රසික රසිකාවියන් ගොඩක් ඇයගේ මේ සුන්දර පෙනුම වර්ණනා කරලා තියෙනවා දකින්නත් ලැබුණා.

image 435



Leave a Reply

Your email address will not be published. Required fields are marked *