උණුසුම් පුවත්
Search
Untitled design 55

උපාධිය එක්ක රට වටේ යන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුරූපී තරුණිය

193

සමාජ ජාල වල එක එක කාලෙට එක එක දේවල් දැඩි කතාබහට ලක් වෙන සිදුවීම් වෙනවා. සමහර චරිත බිහිවෙනවා සමාජ ජාල වීරයෝ බිහිවෙනවා . අපිට මේ දවස්වල සමාජ ජාල තුළ වැඩියෙන්ම සංසරණය වන ඡායාරූප කීපයක් දැක ගන්න පුළුවන් ඒ තමයි උපාධි ලෝගු වත් දාගෙන එක එක තැන් තැන් වල ගිහින් ෆොටෝ අරගෙන ෆේස්බුක් දාපු තරුණියකගෙ ඡායාරූප එකතුවක්.

311603890 184481480775644 1150313343050271702 n

ළමයෙක් ඉපදුන දවසේ ඉඳලා දෙමව්පියන්ගෙන් හිතට එන ප්‍රධානම අදහස තමයි කවද හරි උගන්නලා ඒ ළමයව හොඳ තැනකට අරගෙන එන එක. තේරෙන වයසට පත් උනහම දරුවන්ගේ හිතටත් අධ්‍යාපන ඉලක්ක ඇතිවෙනවා. කොච්චර හොඳට ඉගෙන ගත්තත් අපේ රටේ හැමෝටම විශ්වවිද්‍යාල වලට යන්න අමාරුයි. විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න බුද්ධිය වගේම වාසනාවක් තියෙන්න ඕන. අවුරුදු ගාණක ගාණක දැඩි කැපකිරීමක් කරන්ඩ ඕන.

311987481 184481550775637 1681322145521562802 n

අපේ කතාවට සම්බන්ධ වුණු තරුණිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ. පහුගිය දවසක උපාධි ප්‍රදානෝත්සවය තිබුණා. ඇගේ වසර ගාණක මහන්සියේ ප්‍රතිඵල ලෙස ඇය උපාධියකින් පිදුම් ලැබුවා.ඒ එක්කම ඇය කවුරුත් නොකරන තාලේ වැඩක් සිදු කරලා තියෙනවා අපේ රටේ වැදගත් තැන් වලට ගිහින් තමන්ගේ උපාධි ලෝගුව හා උපාධිය රැගෙන මතක සටහන් ලෙස ඡායාරූප රැගෙන තියෙනවා . ඒව සමාජ ජාලවල පල කරපු නිසා ඇයට ගොඩක් අහන්ඩ වෙලා තිබුනේ හොඳ කතා නම් නෙවේ.

311647493 184481670775625 9220113600839812593 n

අපේ මතය නම් ඇගේ මහන්සියෙන් දිනාගත් උපාධියෙ සතුට සැමරීම වරදක් වෙන්නේ නෑ . ඇගේ සුන්දරත්වයත් එක්ක සමහරුන්ට නම් පොඩි ඉරිසියාවක් ඇති. නංගි ඔයා කවුරුන් වුණත් ඔයාගේ සතුටට අපි නං ඇනුම්පද කියන්නේ නැහැ. ඔයාට සුභ අනාගතයක්.

311596699 184481610775631 2891878901142532601 n