ප්‍රසංග වේදිකාව තුළ කාලාන්තරයක් තිස්සේ නමක් තියාගත්ත චරිතයක් තමයි අමිලා නදීශානි කියන්නෙ. ඇය මේ වනකොට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වෙලා තියෙනවා. ඇගේ පවුල දරුවො දෙන්නයි සැමියයි එක්ක බොහොම ආදරයෙන් ආදර්ශවත්ව ගත කරන පවුලක්. තාමත් තරුණ වියේ පසුවන හැඩකාර මේ ගායිකාවට අවුරුදු 21 ක තරම් තරුණ ඉලන්දාරි පුතෙකුයි ඉන්නවා කියලා ඔබ අසා නැතුව ඇති. ආරංචි වුණ දෙයක් තමයි පසුගිය දවසක අමිලාගෙ පුතා විවාහ ගිවිස ගත්තා. ඒ එක්කම ඇගේ පවුලට තවත් ලස්සන දුවක් එකතු වුණා.

අමිලාගෙ පුතාගෙන කිවුවොත් දැන් අවුරුදු 21 ක තරුණයෙක් ඔහු පුද්ගලික විශ්ව විද්‍යාලයක IT උපාධිය හදාරනවා.ඇගේ පුතාගේ අත ගත්තු සුරූපී තරුණිය nethmi ahinsa ඇය තවම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හදාරනවා. දෙන්නගෙ පාසල් කාලේ ඇතිවෙච්ච ප්‍රේමයට අම්මා ආශිර්වාද කරා කියලා තමයි මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ.

නෙත්මි කියන්නේ දැන් මගේ ලොකු දුව කියලා තමයි අමිලා කියන්නේ. ඇය දරුවන්ට ගොඩක් ආදරය කරන අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට වගේම දැන් නෙත්ම්ටත් ඇය පණ ඇරලා ආදරේ. ලේලියට දරුවෙක් වගේ සලකන නැන්දම්මා කෙනෙක් ලැබෙන එක එක්තරා විදිහක වාසනාවක්.
amila nadeeshani ටත් ඇගේ පවුලේ සියලුම දෙනාටත් අලුත බැදපු ඇගේ පුතාටත් ලස්සන ජීවිතයක් , කරන වැඩකටයුතු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
