උණුසුම් පුවත්
Search
lawyers 1 1

ගාලුමුවදොර සිද්ධිය නීතිඥ සංගමය හෙළා දකියි

192

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණි බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකුම බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් සඳහන් කරයි.

නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශන වල දැක්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *