උණුසුම් පුවත්
Search
qutar charity

‘කටාර් චැරිටි’ තහනමත් ඉවතට

217

2019 වසරේ දී ශ්‍රී ලංකාව විසින් ‘කටාර් චැරිටි’ නම් පුණ්‍යාතනය මත පැනවූ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

මේ දිනවල කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙමින් සිටින අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමා ඊයේ දිනයේදී ‘කටාර් චැරිටි’ නිලධාරීන් හමු වූ බවත් එහිදී 2019 දී පනවන ලද තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් ගත් තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවට ඔවුන්ව දැනුවත් කළ බවත් ය.

ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීය මට්ටමෙන් පුණ්‍යායතනයේ වැඩකටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පවසයා ඇත.

‘කටාර් චැරිටි’ යනු කටාර් රාජ්‍යයේ ප්‍රධානතම පුණ්‍යාධාර ආයතනය වන අතර, එහි ලියාපදිංචි කරන ලද කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ද ඇත.

හිජාස් හිස්බුල්ලා නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට පවසා තිබුණේ ‘කටාර් චැරිටි’ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බවයි.

වසර 2019දී කොළඹ ‘කටාර් චැරිටි’ පුණ්‍යායතන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දක්වන බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *