පසුගිය සඳුදා පෙරවරුවේ තුර්කියේ සහ සිරියාවේ සිදුවූ භූමිකාව අතරින් ඉපිද ජීවත් වෙන්නට වරම් ලද බිලිඳියක පිලිබඳව පුවතක් සිරියාවෙන් වාර්තා වනවා.
තුර්කි දේශසීමාව අසල ඉඩලිබ් පළාතේ ජීවත් වූ ගැබිණි කාන්තාවකට බිහිසුණු භූමිකම්පාවෙන් පසුව ප්‍රසූත වේදනාව ඇති වී ඇති අතර ඇය සුන්බුන් අතරේම සිය බිලිඳියට උපත ලබාදී තිබෙනවා.
භූමිකම්පාව හේතුවෙන් කාන්තාව ජීවත් වූ නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බිලිඳිය සොයාගන්නා විට ඇයට උපත දුන් මව, බිලිඳියගේ පියා මෙන්ම ඇයගේ සහෝදර සහෝදරියන් සියළු දෙනාම සුන්බුන් අතර මියගොස් සිට ඇත.
ප්‍රාණය නිරුද්ධ මවගේ සිරුරෙන් පෙකිණිවැල කපා වෙන්කරගත් දූවිල්ලෙන් වැසුනු බිලිඳිය වහාම රෝහල්ගත කිරීමට සහන කණ්ඩායම් පියවරගත් අතර ඒ වන විටත් ඇය අධික සීතලට ලක්වීම නිසා හයිපෝර්තමේනියාව නැමති රෝගයට ගොදුරු වී සිට තිබේ.
ඊට අමතරව සුළු කැපුම් තුවාල කිහිපයකට ද ලක්ව සිටි ඇය මේ වන විට හොඳින් පසුවන බවයි වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ.
භූමිකම්පාව හේතුවෙන් ඇයගේ පවුලේ සියළුම සාමාජිකයන් මියගොස් ඇති ඊට අමතරව දෙරටේම මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 8,700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මීට බොහෝ සෙයින් වැඩිවිය හැකි බවත් තවදුරටත් සුන්බුන් යට ජීවතුන් අතර සිටින පිරිස් රැඳි සිටින බවට බලාපොරොත්තුවක් නොමැති බවත්ය.