උණුසුම් පුවත්
Search
Untitled design 39

සංගීතයේ රොකීට පිටකෝට්ටේ දි වෙච්ච ඇබැද්දිය

168

සංගීතය ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත්වූ තරුවක් තමයි දෙරණ රියැලටි වේදිකාවෙන් ක්ෂේත්‍රයට පිවිසුණු shanaka udeesha රොකී නමින් ටෙලි වෘතාන්තයේ ඔහුගේ චරිත නිරූපණය සැමගේ හද බැඳගත්තා. සමාජ ජාල තුල ශානකගේ ලස්සන චූටි දූ නිරූපණ ශිල්පිනියක් වන ඔහුගෙ බිරිඳ සමග සිටින ඡායාරූප බෙහෙවින් ජනප්‍රියයි.

අද අපි ඔයාලට කියන්න යන්නෙ. shanaka ගෙන එච්චර හොඳ ප්‍රවෘත්තියක් නොවෙයි. තලංගම පොලිසිය විසින් රියැලිටි තරු කිහිපදෙනෙක් හා shanaka සම්බන්ධව ඇතිවුණු ගැටුමක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.

312574954 502185021906106 1653471310005503681 n

පොලිසිය පැවසුවේ පිටකෝට්ටේ ආපන ශාලාවක ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙස සිටු කරපු ඉල්ලීමක් මත ඇතිවෙච්ච ගැටුමක් නිසා මේ ආරවුල හටගෙන තියෙන බවයි.

වාර්තා වන ආකාරයට පසුගිය ඉරිදා දිනයෙ ඔහු ඇතුළු පිරිස යම් කලා කටයුත්තකට සහභාගි වෙලා. නිවසට යන්න කලින් ඉහත ගිය ආපනශාලාවට රාත්‍රී ආහාරය ගන්න ඔවුන් ගිහිල්ලා තියෙනවා. ඔවුන් යනකොටත් ආපන ශාලාව තුල ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වමින් ඉඳලා තියෙනවා.

312601483 490880756369866 3841044623264057692 n

සංගීතය ටෙලි නළු නිළියන් හා කලා ශිල්පීන් පැමිණීමත් සමග එම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පවත්වපු පුද්ගලයා ගීතයක් ගායනා කරන්න ඔවුන්ට ආරාධනා කරල තියෙනවා.

314950866 504752718316003 8109404897460489568 n

ඔවුන් එම ආරාධනය පිළිගෙන ගායනා කරන අවස්ථාවේ එහි සිටි තවත් ගෝලයන් දෙදෙනකු එම ගිතය නොරුස්සන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවෙච්ච මත ගැටුම ගුටි හුවමාරුවක් තෙක් දුරදිග ගිහිල්ලා පස්සෙ ඔවුන් එතැනින් ඉවත් වෙන්න හදනකොට. බාහිරෙන් ආපු පිරිසක් පහර දීලා තියෙන්නේ. එහිදී පුද්ගලයන් කීපදෙනෙකුට තුවාල සිදුවෙලා .

shanaka udeesha බරපතළ තුවාල සිදුවෙලා ජයවර්ධනපුර රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ආරවුල සම්බන්ධව shanaka ගෙ බිරිඳ ඔහු වෙනුවෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක් යොමුකර තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරලා තියෙනවා.

314601517 506382748153000 1189038501923132898 n