උණුසුම් පුවත්
Search
palitha thewarapperuma son

”එදා මාත් වත්තට පෝර දාන්න ගියා…” – විශාල ජනාදරයක් මැද අවසන් ගමන් ගිය පාලිත ගැන පුතා කියූ සංවේදී කතාව

479

ඊයේ දිනයේ බොහෝ දෙනෙක් කම්පාවට පත් කරමින් යළි නොයන ගමනක් ගියපු ආදරණීය සහෘදයා ගැන කියන්නයි සූදානම. පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඒ හදිසි වියෝව නිසා අද වන විටත් බොහෝ දෙනෙක් ඉන්නේ දරා ගන්න බැරි ශෝකයකින් දුකකින්.

ඔහු දේශපාලනඥයෙක්ගේ චරිතයට වඩා හුදෙක් අව්‍යාජ ගැමියෙකුගේ චරිතය තුළින් තමයි ජනතාව අතරට ගිහින් තියෙන්නේ. කොවිඩ් වසංගතය පැවති කාල සීමාවේ දී දිවා රෑ බලන් නැතුව කොස් ගෙඩි ගණන් කඩාගෙන හාල් කිලෝ ගණන් උයාගෙන අසරණ ජනතාවගේ බඩ කට පිරෙව්වා…. ගංවතුර වෙලාවට මහා මගට බැහැලා මිනිස්සු බේරගන්න, සතුන්ට උපකාර කරන්න ඔහු වෙහෙසුණා. ඒ නිසාම තමයි දුගී දුප්පත් ජනතාව එතුමාට ඒ තරම්ම සමීපව බැඳිලා හිටියේ…..

May be an image of 4 people

ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද මීට ටික කලකට පෙර ජීවිතයෙන් සමුගත් අතරම පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුත්‍රයා වෙනුවෙන් පින්කම් රැසක් කරපු අයෙක් ලෙස ඔහුව හඳුනනඅය දන්නා කරුණක්.

palitha thewarapperuma son Archives - aithiya

මේ වන විට ඉතින් ඔහුගේ වියෝව ගැන කතා කරන්නැති කෙනෙක් නොමැති තරම්…. ඒ තරම් මේ වියෝව බොහෝ දෙනෙක්ට දැනෙන වෙන්වීමක් බවට පත්වුණා….. කෙසේ නමුත් එදා සිද්ධ වෙච්ච සිදුවීම සහ පාලිත තෙවරප්පෙරුම මහතා නිවසේදී ගත කරපු ඒ ජීවන රටාව පිළිබඳව ඔහුගේ බාල පුතා ඒ අවස්ථාවේදී අදහස් දක්වලා තිබුණේ මේ විදිහයි…..

May be an image of 2 people and crowd

”අයියා නැති වුණාට පස්සේ තාත්තා මහා කඩා වැටීමක හිටියේ. අයියා නැති වුණාට පස්සේ තාත්තා සම්පූර්ණයෙන් වෙනස් වුණා. තාත්තා අඬනවා දැක්කේ මම ඒ වෙලාවෙදී….. ඇමැතිකම්, ගෙවල්දොරවල්, යාන වාහන නැති වෙද්දි වගේ වගක් නැතිව හිටිය තාත්තා එදා ඉඳන් හැමදාම හොරෙන් ඇඬුවා…..

අයියා නැති වුණාට පස්සේ තාත්තට උදව් කරගෙන මම ගෙදර හිටියා. ගෙදර දී තාත්තා වුවමනා දේ කතා කරනවා. වුවමනා දේට උත්තර දෙනවා. ඒ එයාගෙ හැටි….. අපි ඒකට හුරු වෙලා හිටියෙ. වත්තට පෝර දාන්න එදා මමත් ගියා. මහ වැස්ස නිසා එයාලා පස් දෙනා පෝර බෑග් බානකම් මම ෆෝන් එක බයික් එකේ සීට් එක යට දාගෙන ගෙදර ආවා…. ගෙදර එනකොට කෝල් ගොඩක් ඇවිත්. එයා ඉස්පිරිතාලේ අරන් ගියා කිව්වා. මම හොස්පිටල් එකට යනකොට තාත්තා යන්නම ගිහින්. තවම මොකද වුණේ කියලා මට හිතාගන්න බෑ….. ඉස්සරහට මොනව වෙයි ද කියලා හිතාගන්නත් බෑ……”

ඉතින් පාට – පක්ෂ භේදයකින් තොරව රටක් ආදරය කළ සොඳුරු හිතුවක්කාර දඩබ්බරයාට උතුම් නිවනෙන්ම සැනසෙන්නට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

May be an image of 1 person, beard, lighting and text

May be an image of flower and dais

May be an image of 2 people, temple and text