උණුසුම් පුවත්
Search
Untitled design 31

” එදා ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා150ක් විතර ඉස්සරහා ” – ප්‍රසංගයකදී ශිහාන්ට වෙච්ච අපූරු අකරතැබ්බය

211

සිරස සුපර්ස්ටාර් ගායන රියැලිටි වේදිකාවේ ඔස්සේ සංගීත ක්ෂේත්‍රයට බිහි වෙච්ච අපූරු ගායන ශිල්පියෙක් තමයි ශිහාන් මිහිරංග කියලා කියන්නෙ. කියන්නට තිබෙන දේ මූණටම කෙලින් කතා කරන ඔහු ඉතාමත්ම සෘජු ප්‍රතිපත්තියක් ඇති පෞර්ෂවත් තරුණයෙක්. ගායන ජීවිතයේ දී පමණක් නොව සැබෑ ජීවිතය තුළත් ඔහු නිවැරදි යැයි සිතන දේ කීමට කිසි විටෙකත් මැලි වන්නේ නැහැ. ඔහු ගායනා කරන ලද බොහෝ ගීතයන් වලට අදටත් රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ආදරණීය ප්‍රතිචාර.

311697043 654950649350924 7526498284396562440 n

ඉතින් මේ දවස්වල අපට ඔහුව හිරු නාළිකාවේ විකාශය වන හිරු ස්ටාර් ස්ටාර්ස් ගයන රියැලිටිය තුළ විනිසුරු වරයෙක් වශයෙන් දැකබලා ගන්නට පුලුවන් වෙනවා. අපක්ෂපාතී විනිශ්චයක් නිරන්තරයෙන්ම ලබාදෙන ඔහුට සුවහසක් ශ්‍රී ලාංකික ජනයා ඉතාමත්ම ප්‍රිය කරනවා. ඉතින් මේ වන විට ආදරණීය දරුවන් තිදෙනකුගේ පියෙක් වන ඔහු ඉතාමත් සාර්ථකව තමයි සිය පවුල් ජීවිතය ගත කරන්නේ. තමා ආදරය කළ යුවතිය ම බිරිඳ කරගත් ඔහු ඇයට ඉතාමත්ම ආදරය කරනවා. ඉතින් අද අපි කියන්න යන්නේ එක්තරා සංගීත ප්‍රසංගයකදී ඔහුට මුහුණ දීමට සිද්ධ වෙච්ච අපූරු සිදුවීමක් ගැන. එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ඒ ගැන මේ විදිහට තමයි කියලා තිබුනෙ.

274869488 501706634675327 7005946940876634048 n

” එදා මේරියන්ස් play කළේ. පැලවත්තේ ප්‍රසංගයක්. මට මාරවිලට යන්න වුවමනා නිසා මම කලින් ආවේ. ඉෂාන් බෙග් මහත්මයා මුලින් ගායනා කළේ. මම දෙවැනියට ගායනා කරන්න හිටියා. මම ගායන කරන අතරතුර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දශක දෙකක් තුනක් මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. අපිව ගණන් ගන්නෙ නෑ, පස්සෙ ආපු අයව දාන්නේ. අලුත් අයව දාන්නේ… කියලා කෑ ගහලා එතන. මට පස්සෙ එයා ගීත ගායන කරන්න ඉල්ලීමක් කර තිබුණා. මගෙන් පස්සෙ නම කිව්වේ තව තරුණ ගායකයෙක්ගේ. එතකොට එයාගේ තරහා දෙගුණ වුණා. මම ස්ටේජ් එකෙන් පහළට බහිද්දි බනිනවා‍, මාව දැකලා “අපි මෙතන දශක දෙකක් තිස්සෙ.. “ආ පුතා බලන්න පුතා අපිට සලකන් නෑ කියලා “, මම “ඔව් සර්” කියලා කිව්වා. “දශක දෙකක් තිස්සෙ මම ඉන්නවා, මාව දන්නවද ඇහුවා” මට එකපාරම මතක නැතිවුණා. මම එයාව දන්නවා, හැබැයි ඒ වෙලාවේ මතකෙට ආවේ නෑ නම. “මොකද්ද මගේ නම?” කියලා ආයෙම ඇහුවා. පිටිපස්සෙ මල්ලිලා මට නම මුමුණනවා. කළුවරට මට තේරෙන් නෑ. ආයේ පටන් ගත්තා “උඹලා මෙහෙමයි…” කියලා. ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා. 150ක් විතර ඉස්සරහා”

204646466 345835290262463 6484728451733560368 n

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

273492564 488641349315189 6277956090583342294 n