අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නේ. ඒ වගේම රටක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන සමිතා මුදුන්කොටුව වගේම අතුල අධිකාරී කියලා කියන්නේ ඇයගේ ආදරණීය මව්පියන් බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් දෙමව්පියන්ගේ අඩි පාරේ යමින් මේ වනවිට නව පරපුර නියෝජනය කරන කලා තරුවක් බවට ඇය මේ වනවිටත් පත්වී හමාරයි.
රංගනයට අත්පොත් තබමින් ඇය මුලින්ම දායක වුනේ ඝරසරප සිනමා නිර්මාණයටයි. ඉන් පස්සේ පුංචි තිරය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඒ වගේම නිවේදනයෙනුත් ඇය ජනප්‍රියයි. ඒත් එක්කම ඇය විලාසිතා වලට ගොඩක් ප්‍රිය කරන කෙනෙක් විදිහටත් සමාජ මාධ්‍ය තුල ඉතාම ජනප්‍රියයි. මොකද ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරනවා වගේම ඇයගේ ඇඟේ ටැටූ ගොඩක් තිබෙන නිසාත්. කොහොම නමුත් ඇයගේ තාත්තා වන අතුල අධිකාරිගේ උපන්දිනය පසුගිය දින තිබුණා. ඒ වෙනුවෙන් කාවින්ද්‍යා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරමින් ඇයගේ තාත්තට සුබ පතලා තියෙනවා අපට දැකගන්න ලැබුණා….. එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.
”සුබ උපන්දිනයක් මගේ තාත්තා, පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව ජීවිතය ගත කරගෙන යන්නේ කොහොමද යන්න දවසින් දවස මට කියලා දෙනවට, පුරුදු කරවනවට පිං. මගෙ අන්තිම හුස්ම තියෙනකල් මගෙ ඇස් දෙක වගෙ ඔයාව බලාගන්නවා, ඒ වගේම ආදරේ දෙනවා කිසිම මහන්සියක් හිතන්නේ නැතුව. තව ද, රූපෙන් වගේම හිතත් ලස්සන ඔයාගෙ දුව ‘මම’ වීම ගැන මම පුදුම ආඩම්බරයි” කියලයි ඇය ඒ විදිහට ඡායාරූපයක්ද එකතු කරමින් පවසලා තිබුනේ.