මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශ වල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති 02ක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (16) සඳහන් කර සිටියා.
මන්නාරම විදුලි බලාගාරයෙන් මොගාවොට් 286ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
යොහාන් භාසුර
Source – Lankadeepa