රටම ආදරය කරන රංගන ශිල්පිනියක් ලෙස ටනාෂා හතුරුසිංහ හඳුන්වන්න පුළුවන්.
සුන්දර තරුණ සහෝදරියන්ගෙන් යුතු පවුලක් නිසා ඇය ඇතුළු පවුලේ සියලු දෙනා ගැන කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේත් නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.

මනාලියක් ලෙස සිය දහස් වතාවක් සැරසුණු ටනාෂා මෙවර නම් සැබවින්ම විවාහ දිවියට පිවිස තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය කාලයේ වැඩි වශයෙන් රංගන ක්ෂේත්‍රයේ දැකගන්න නොලැබුණු ඇය විවාහ දිවියට පිවිසීමත් සමඟ යලිත් බොහෝ දෙනා අතර කතාබහට ලක්ව තිබෙනවා.

අනුරාධ නම් තරුණයෙකු සමඟ යි ඇය විවාහ වී තිබෙන්නේ.

මේ ආදරයට අවුරුදු 04ක් වන බවත් ඇය මීට පෙර සඳහන් කර සිටියා.
