උණුසුම් පුවත්
Search
tanasha

”පොළවේ පයගහලා ඉන්න නිසා ටනාෂා කියන්නේ මට මැණිකක්” – අනුරාධ

577

‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කවුරුත් අතර ජනප්‍රිය කුරුළු විදියට අපි අතරට එන ඇය සුරූපි ටනාෂා හතරසිංහ. ඒ වගේම ඇයව අපිට මේ දින වල තවත් ටෙලිනාට්‍යයක් හරහා වෙනස්ම චරිත රංගනයකින් දැක ගන්න පුලුවන්. ඒ ‘නොනිමි’ ටෙලිනාට්‍යයේ පාරමි විදියටයි.

කලා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් සුහදශීලීව ඉන්න තනාශාට සුරූපි සහෝදරියන් ඉන්නවා. ඉතින් ටනාෂා ගැන පසුගියදා වැඩිපුර කතා බහ කරන්නට වුණා. ඒ ඇගේ විවාහ මංගල්‍යත් එක්කයි. ඇය විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙකු වූ අනුරාධ සමගින්. අනුරාධව ඇයට මුණ ගැසෙන්නේ මීට අවුරුදු 05කට පමණ පෙර බව සඳහන්.

image 74

අප්‍රේල් මාසයේ ඉදලම විවාහයට සූදානම් වුණ ටනාෂාට අනුරාධව මුණ ගැසෙන්නේ යාලුවෙක් හරහායි. ඉතින් අනුරාධ ටනාෂාගෙන් ඇහුවම ඇය ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ගුණසේකරගෙන් අනුරාධ ගැන විමසලා බලන විට ඔහු හොද කෙනෙක් බව තේරෙන නිසා ඇය අනුරාධගේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් අනුරාධ ටනාෂා ගැන කිව්වේ මේ වගේ අදහසක්.

image 73

”ටනාෂා හොදයි වගේම උඩින් පේන ලස්සන එයාගේ ගති ගුණවලත් තියෙනවා. එයා පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. එයා මට මැණිකක් වගේ. ඉතින් ඒකයි මම එයාට මැණික කියන්නේ. ආදරේදී එයා මාව කිසි විටෙක අවිශ්වාස කළේ නෑ. බාර ගත්ත වැඩේ උපරිමයෙන් කරන හිත හොද කෙනෙක් එයා. දැන් මට හරි සතුටුයි. මට මැණිකකට වඩා අගනා වස්තුවක් ලැබිලා තියෙන්නේ. එයාව මම පණ වගේ බලාගන්නවා.”

image 76

මේ විදියටයි ටනාෂාගේ අත ගත්ත කඩවසම් අනුරාධ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ළගදී විවාහ දිවියට පත් වුණු අනුරාදටත් ටනාෂාටත් ඉදිරි ජීවිතයට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

image 72