නිරූපිකාවක වගේම රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. තරුණයන්ගේ සිහින කුමරියක් ලෙසත් ඇය ප්රකටයි. සමාජ මාධ්‍ය වලත් බොහෝ සෙයින් කතාබහට ලක්වෙන ටනාෂා සමග කළ කතාබහක උපුටනයක් තමයි මේ.
ටනාෂා කියන්නකෝ පවුලේ විස්තර ටිකක්?
”පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අපේ නංගිලා තුන්දෙනයි…. මම තමයි වැඩිමලා. කෙල්ලෝම හතරක් තමයි අපේ පවුලේ ඉන්නේ… අම්මා ආශා තුෂාරි, තාත්තා රුවන් චින්තක”

නංගිලා තුන්දෙනා එක්ක ගතවුණා ළමා කාලය කොහොමද ?
”ඒ කාලෙනම් හරිම සුන්දරයි…. තාමත් එහෙමම තමයි, අපි හතර දෙනා දැක්කම සමහර අය අහනවා කෙල්ලෝම හතරදෙනෙක් ඉන්න නිසා රන්ඩු වෙන්නේ නැද්ද කියලා… ඇත්තටම අපි රන්ඩු වෙනවා ගොඩක්ම අඩුයි. අම්මත් කියන්නේ අපි පොඩි කාලේත් රන්ඩු කරන්නෙම නෑ ලු, අපි හතරදෙනාටම මොකක් හරි ප්‍රශ්නයක් වෙනව නම් අපි කතා කරන්නේ අම්මා එක්ක…”’

ටනාෂාගේ නිර්මාණ වලට නංගිලා ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
”නංගිලා තමයි මගේ හොඳම රසිකාවියෝ… එයාලා තමයි මගෙන් රඟපාද්දී වෙන වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්නේ. එයාලා නාට්‍ය බලලා කියනවා අපරාදේ ඔයාට මේ විදියට කරන්න තිබ්බා එතන කියලා… මට ගොඩක් උපදෙස් දෙනවා. ඇත්තම කියනව නම් මගේ රංගන ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක්ම උදවු කලේ මගේ නංගිලා තුන්දෙනා….”


ටනාෂා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්, ඉතින් ඇය දැන් ඉන්නේ විවාහ වෙන වයසේ… ඒ වගේම ඇයගෙන් රසිකයෙක් අහලා තිබ්බ අපූරු ප්‍රශ්නයක් ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා…. ඒ තමයි ”මැරී කරන්නේ කවද්ද මට හිත හදාගන්න” කියලා… ඉතින් ඒ ප්‍රශ්නෙට ටනාෂා දීලා තිබ්බේ මේ වගේ පිළිතුරක්….
”Dec කියලා හිතමු” කියලා…

ඒ වගේම ටනාෂා මේ වනවිට ඇයගේ විවාහය සැලසුම් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. ඒ වගේම පෙම්වතා එක්ක එකතු වෙලා දිනත් තීරණය කරලා කියලත් අපිට දැනගන්න ලැබුණා. කොහොම වුනත් ටනාෂා ලංකාවේ ගොඩක් අය හඳුන්වන්නේ ලංකාවේ ”මියා කලීෆා” කියලා.
ඒ ගැනත් ටනාෂා කියන්නේ මේ වගේ කතාවක්,
”මෙහෙමයි, මම මියා කලීෆා ෆලෝ කරන්නේ නෑ…. එයා ලස්සනයි මම ආසයි එයාට…”



