කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද තම දියණියට එහි දැඩි සත්කාර ඒකකයේ ඇඳක් හා කෘතිම ස්වසන යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් පැය 06ක් ඇතුළත මිය ගිය බව එම දියණියගේ මව පවසනවා.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ මොලය මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසා තිබියදී රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දින 500ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ රැදී සිටීම මත මේ ආකාරයෙන් මරණ සිදුවන බවයි.
තම දියණියට ද නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලැබුණේ නම් ඇගේ ජීවිතය බේරෙන බව ද සඳහන් කරන ඇය මෙම සිදුවීම පිළිබඳව ඇන්තනී පවුලට දැඩි විරෝධය පළ කර සිටිනවා.
මෙරට සෞඛ්‍ය සේවය තුළ මෙවන් අසාධාරණයක් සිදු වන්නේ පළමු වතාවට බවත් පවසන ඇය ඇත්තනී පවුලට ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර කිරීමට මේ තරම් අවශ්‍ය නම් පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට හොඳින්ම හැකියාව ඇතැයි ද පෙන්වා දෙනවා.