උණුසුම් පුවත්
Search
tsunami

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් – රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

362

පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් දැක්වුණු බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

එම භූ කම්පනයත් සමඟ සුනාමි රළ තව සුළු වේලාවකින් පිලිපීනයට සහ ජපානයට බලපෑ හැකි බවයි අපේක්ෂා කෙරෙන්නේ.

පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට පිලිපීනයට සුනාමි අවධානමක් මතුවිය හැකි බවයි.

ජපානය බටහිර වෙරළ තීරයට අඩි 03ක් පමණ උස රළ පහරක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.