උණුසුම් පුවත්
Search
hrw

”හදිසි නිතිය හරහා ලංකාවේ දැඩි මර්දනයක් සිදු වෙනවා” – හියුමන් රයිට්ස් වොච් පවසයි

43

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදය සඳහා වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිත කරන බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පවසනවා.

2022 ජූලි 21 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට උද්ඝෝෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයින් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය කියා සිටින්නේ.

”කොළඹ සහ රටේ වෙනත් තැන් වල ආන්ඩු විරෝධී උද්ඝෝෂණ ජූලි 15 ඉල්ලා අස්වීමට පෙර එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට හේතු වුණා.

ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ, විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් මැද කොළඹ ඔවුන්ගේ ප්‍රධාන ස්ථානය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශ වලට නියෝග කළා.

පොලිසිය පසුව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා විරෝධතා නායකයින් ඉලක්ක කර තිබෙන බව පෙනී යනවා” යන්නයි හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Source – hrw.org




Leave a Reply

Your email address will not be published.