උණුසුම් පුවත්
Search
sc

ලාංකිකයින් විශාල පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට හසුවී ඇතැයි අල්ජසීරා වාර්තා කරයි

289

ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර සිටියි.

ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දී ඇත.

ඉංග්‍රීසි ව්‍යාකරණ දෝෂ රාශියක් ඇති මෙම වෙබ් අඩවිය පිරමීඩ ක්‍රමයක් බව ද එම පුවත් සේවය වාර්තා කරයි.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් අලුත් ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගනිමින් පැරණි ආයෝජකයන්ට මුදල් ගෙවන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී ඇත.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවිය ක්‍රිප්ටෝ ආයෝජන ක්‍රමයක් ලෙස හැඳින්වූවත් ස්පෝර්ට්ස් චේන් නමින් ලියාපදිංචි ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් හෝ වත්කමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ අල් ජසීරා පුවත්පතට තොරතුරු ලබා දුන් පුද්ගලයන් දෙදෙනාට රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බවත් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ ආයෝජනය කිරීම පිළිබඳ ඔවුන් කණගාටු වන බවත් අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.

වයස අවුරුදු 30-40 අතර මධ්‍යම පන්තියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මෙම වංචාවට හසු වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

ඇතැම් පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන්ට නොදන්වා තම දේපළ විකුණා එම මුදල් මෙහි ආයෝජනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

එක් පුද්ගලයෙකු තම දේපළ විකුණා රුපියල් ලක්ෂ 22 ක මුදලක් ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර ඇති බවත් ඔහුට ආපසු ලැබී ඇත්තේ ලක්ෂ දෙකක මුදලක් බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

රට රැකියා වල නිරත වන ශ්‍රී ලාංකිකයන් ද ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර තිබෙන බව එම පුවත් සේවය පෙන්වා දුන්නේය.

විමුක්ති එස් රුද්‍රිගු

Source – Al jazira




Leave a Reply

Your email address will not be published. Required fields are marked *