උණුසුම් පුවත්
Search
navy r 3

වියට්නාමයේ දී බේරාගත් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් නැවත ලංකාවට එන්න බෑ කියයි

118

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ‘ලේඩි ආර් 3’ නැවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනකු පසුගිය 11 වනදා බේරාගන්නට එරට ආසන්නයේ ගමන් කළ ජපන් නෞකාවක් කටයුතු කර තිබුණි.

මියන්මාර ධජය යටතේ ගමන් කළ ඔවුන් ලංකාවෙන් පළාගොස් සිටි අය වන අතර එම බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයන් 303ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් එම පිරිස මියන්මාරයේ සිට කැනඩාව බලා සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් දැයි සැකයක් පවතින බවත් වියට්නාම බලධාරින් සඳහන් කර ඇත.

image 137

වුංතාඕ වරායට නාවික සැතපුම් 258 ක දුරක දී නෞකාවේ දෝෂයක් හේතුවෙන් එන්ජින් කාමරයට ජලය කාන්දු වීම ආරම්භ වී ඇති අතර එහිදී නැවේ සිටි ශ්‍රී ලාංකිකයකු නාවික හමුදාව සමග සම්බන්ධ වී උදව් ඉල්ලා සිටි අවස්ථාවේ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පුරුව වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය ඉල්ලා තිබුණි. තොරතුරු ලැබුණු පසු වියට්නාමයේ හෝ චි මිං සිටි වෙරළබඩ ගුවන් විදුලි මධ්‍යස්ථානය නැවේ තත්වය පිළිබඳ ගුවන් විදුලි පණිවිඩ නිකුත් කර අසලින් ගමන් ගත් ජපාන ගිලීයෝස් මෝටර් රථ ප්‍රවාහන නෞකාව මෙම පුද්ගලයන්ගේ උදව්වට පැමිණ ඇත.

image 133

ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම පාහේ ද්‍රවිඩ ජාතිකයන්ය. 303 දෙනා අතර පිරිමින් 264ක් ද කාන්තාවන් 19 දෙනකු හා ළමයින් 20 දෙනකු සිටි බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලාංකිකයන් 303 දෙනා බේරා ගැනීමෙන් පසුව වියට්නාමයේ වුං තාඕ වාරයට ගෙනවිත් ඔවුන් සරණාගත කඳවුරක රඳවා සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පරිත්‍යාග ලෙස ලබාදෙමින් සිටී.

image 134

මේ අතර එහි සිටින ශ්‍රී ලාංකිකයින් දැන් ප්‍රකාශ කරන්නේ, තමන් රැවටීමකට ලක් වුණ බවත් නෞකාවට තමන් පිරිස කැඳවූ සංවිධායකයා පළාගොස් ඇති බවත්ය. නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය නැති බව පවසන ඔවුන් තමන්ව සරණාගතයින් ලෙස වෙනත් රටක් භාරගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ ගැන බලන ලෙස ඉල්ලා සිටින බවත් පවසා තිබේ.

image 135

ලොව පුරා සිටින දෙමළ ජනතාව ඔවුන් ගැන බලන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත.

image 136