ආසියාවේ රසවත්ම වීදි ආහාර 50 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත් වූ බව සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කර ඇත.
දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමග පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට සහ සෘතුවෙන් සෘතුවට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු කදිම වීදි ආහාරයක් බව සී.එන්.එන් ට්‍රැවල් පවසයි.

එය වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.
එසේම ආප්ප උදෑසන ආහාරයක් ලෙස කදිම බව සී.එන්.එන් පුවත් සේවය පවසයි.

ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප සාමාන්‍යයෙන් චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමඟ ආහාරයට කදිම බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.
Source – CNN