උණුසුම් පුවත්
Search
HAMILTON

අමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

245

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, අමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.

ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.

(ඩේලි මිරර්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *