උණුසුම් පුවත්
Search
gota 1 2

රාජපක්ෂ පවුලට ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ජනපතිගේ ඉල්ලා අස්වීම කල් යන ලකුණු

752

තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වන වටපිටාවක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහුට සහ පවුලේ සාමාජිකයින්ට ගුවන් තොටුපල හරහා ආරක්ෂිතව රටින් පිටවීමටත් නිලධාරීන් සහ ජනතාව ඉඩ නොදෙන තත්වයක් තුළ ජනාධිපති ධුරයෙන් ද ඉවත් වුවහොත් හමුදා කඳවුරක් තුළ හෝ රැඳී සිටීමට නොහැකි, සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්වයක් සහ පැහැදිලිවම ජීවිත වලට තර්ජනයක් උද්ගත වන හෙයින් ඔහු මෙම තීරණයට එළඹෙමින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙමින් මෙම තත්වය විසඳා ගැනීම සඳහා මැදිහත්ව පියවර ගනිමින් සිටින බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

මීට දින 03කට පෙර ජනාධිපතිවරයා කතානායකවරයාට කතා කර බදාදා ඉල්ලා අස්වන බව දැනුම් දී තිබූ බව කතානායකවරයා විසින් දැනුම් දී සිටියා.

කෙසේ වෙතත්, පසුගිය පැය 40 තුළ ඔහු බදාදා සිදුවිය හැකි ඉල්ලා අස්වීම ගැන කිසිවක් සඳහන් කර නැහැ.

ඉල්ලා අස්වීම යැවීමට පෙර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට රට හැර යාමට ආරක්ෂිත මාර්ගයක් අවශ්‍යව ඇති බවත් සඳහන්.

ජනාධිපතිවරයාගේ සොහොයුරා වන බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ප්‍රභූ පිටත්වීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් නවතා දමනු ලැබුවා.

සේද මාවතේ ප්‍රභූ කොරිඩෝවේ සියලුම සේවකයන් රාජපක්ෂලා පිටවීම වැළැක්වීම සඳහා සේවා වලින් ඉවත් වූවා.

හෙට දිනයේදී ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුණහොත් කොළඹ තත්ත්වය තවත් උග්‍ර වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Source – businesstoday




Leave a Reply

Your email address will not be published. Required fields are marked *