උණුසුම් පුවත්
Search
s n p

ශ්‍රී ලංකාව යළි යළිත් පහළට

227

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ”එස් ඇන්ඩ් පී සමාගම” ශ්‍රී ලංකාවේ බැඳුම්කර වල ශ්‍රේණිගත කිරීම ‘ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

‘ඩි’ ශ්‍රේණිගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුල දී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක මුදලක් ණයට ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දී ඇත.

එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය ‘ඩි’ වේ.

ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහල පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් ‘ඩි’ ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ.

‘ඩි’ ශ්‍රේණියේ බැඳුම්කර වල ඉහල අවදානමක් තිබීම හේතුවෙන් එහි ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකමැත්තක් දක්වයි.

විමුක්ති එස් රුද්‍රිගු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *