උණුසුම් පුවත්
Search
china 1 2

ශ්‍රී ලංකාවේ අර්බුදය චීන ආයෝජන වලට විශාල බලපෑමක් බව අනතුරු අඟවයි

88

සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ නොසන්සුන්තා සහ දේශපාලන කැලඹීම්වල දී විදේශයන්හි ක්‍රියාත්මක වන චීන සමාගම් අර්බුද කළමනාකරණ සැලසුම් සකස් කළ යුතු බවට අවදානම් පාලන උපදේශන සමාගම් විසින් අවධාරණය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති අර්බුදකාරී ස්වභාවය සහ නැගී එන වෙළෙඳපොළවල මතුව ඇති දේශපාලන අවදානමයි.

ශ්‍රී ලංකාවේ දැවැන්ත විරෝධතා පසුගිය සතියේ උච්චතම ස්ථානයට ළඟා වූ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය.

මේ අතර පසුගිය මාසයේ කරච්චි නගරයේ වීදි බැසීමට ජනතාව පෙළඹවූ අධික උද්ධමනය සහ දිගුකාලීන විදුලි කප්පාදුව වැනි ඉහළ ණයගැති තත්වයන් සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවල ද ඇති වනු ඇතැයි යන අවදානමක් මතුව තිබේ.

මේ පසුබිම තුළ ෂැංග්හායි හිෆුඩාන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන මහාචාර්ය ලින් මින්වැන්ග් පවසන්නේ විදේශයන්හි ආයෝජනය කිරීමේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර පරිසරය යහපත් නොවන විට ආයෝජකයින්ට දේශීය පාලනයේ ධාරිතාව සැලකිල්ලට ගැනීම අවශ්‍ය බවයි.

Source – NDTV




Leave a Reply

Your email address will not be published.