උණුසුම් පුවත්
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

169

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11) නිවේදනය කර සිටියා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙන්.

මේ අතර දෙරට අතර අද (11) පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙල තුළ වෙනසක් සිදුනොවනු ඇති බව ද ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගනිමින් මේ වන විට තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාව සතු වී තිබෙනවා.

තෙවැනි විස්සයි 20 තරගය අද පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් පැවැත්වෙන්නේ වසර 2කට පසුවයි.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් ශ්‍රී ලංකා සංචිතයට නම් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහාය පුහුණුකරුගෙන් ප්‍රශ්න කළේය.

එහිදී නවීඩ් නවාස් පැවසුවේ,

“කුසල් ජනිත්ට සැත්කමක් තිබෙනවා කරන්න. ඔහු තාම ඒක කරන්න ගිහින් නැහැ. ඔහු සැත්කම කරලා ආවොත් යම් කාලයක් යයි ඔහුට ඒකෙන් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න. ලෝක කුසලානය වෙනකොට ඔහු සූදානම් වෙයි ද කියලත් අවිනිශ්චිත තත්ත්වයක් තිබෙනවා.”




Leave a Reply

Your email address will not be published.