සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බඳාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් එම අධිකාරිය දැනුම් දී තිබේ.
එම දින වල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් සඳහන් වේ.
ජනතාවට සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්රහස්පතින්දා යන දෙදින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොමැණෙන ලෙස ද ඉල්ලා සිටින බවත් එම අධිකාරිය වැඩි දුරටත් පවසයි.