උණුසුම් පුවත්
Search
24

කථානායක සහ මන්ත්‍රීනිය අනියම් ඇසුර නිසා ධුර අහිමි කරගනියි

377

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කථානායකවරයා වන ටාත් චුආන් ජින් සහ එහි කාන්තා මන්ත්‍රීවරියක වන ලිහුයි ඊයේ (17) සිය ධුර වලින් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.

දෙදෙනා අතර පැවැති නොගැළපෙන අනියම් සම්බන්ධතාවක් මෙම තීරණයට හේතුව වී තිබේ.

Speaker Tan Chuan-Jin, MP Cheng Li Hui resign over 'propriety and personal conduct' matters, Singapore News - AsiaOne

එසේම අදාළ සිදුවීම මුල් කරගනිමින් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සිදු වූ බහින්බස්වීමක්ද කතානායකවරයාට ධුරය අහිමිවීමට හේතුව වී තිබේ.

මෙහිදී දෙදෙනාගේම ඉල්ලා අස්වීම් සිංගප්පූරු අගමැති ලී හ්සෙයින් ලූන්ග් පිළිගෙන තිබේ. ඔවුන් People’s Action Party පක්ෂය වෙත ගැටලු ඇති නොකරමින්, සිය පෞද්ගලික කාරණාවක් නිසා, වැරදි සියල්ල පිළිගෙන ධුර වලින් ඉවත් වීමට ගත් තීරණය ගැන සතුටු බව අගමැතිවරයා පවසා ඇත.

cdn4.premiumread

අගමැතිවරයාට අනුව පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති නමුත්, ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර, පසුගියදා People’s Action Party පක්ෂයේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි එස්.ඊස්වරන් ද එරට දූෂණ මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පක්ෂය මේ දක්වා වසර 64කට ආසන්න කාලයක් සිංගප්පූරු පාලක පක්ෂය ලෙස කටයුතු කරයි. රට තුළ දූෂණ විරෝධී රජයක් පිහිටුවීම අරමුණ බවද සිංගප්පූරු අගමැතිවරයා පවසා තිබේ.

5 things about Speaker Tan Chuan-Jin who resigned over affair with MP Cheng Li Hui, Latest Singapore News - The New Paper

”පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන්ව සිටියත් පසුපෙළ සිටියත් ඔවුන් සියලු දෙනාම පක්ෂයේ විනයට ගරු කළ යුතුයි. එවැන්නකින් තොරව ඔවුන්ගෙන් වැඩක් නැහැ. ඒ නිසා මෙය පැහැදිලිවම අවශ්‍ය දෙයක්.” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.