1987- 89 අරගලය අලලා රචිත “මතක ගිනි පුපුරු” නම් කෘතිය ලබන සෙනසුරාදා ලංඩන්හි දී ජනගත කෙරෙයි.
“මතක ගිනි පුපුරු,” ලෙසින් ඔබ හමුවට එන මේ කතා පුවත ඉතිහාසය සැඟව ගිය පරිච්ඡේදයන් එක පෙළට අමුණා තබයි.
විද්වතුන් පිරිසකගේ අදහස් දැක්වීම් මෙන්ම කෙටි සංගීත සැදෑවක් ද මෙම අවස්ථාවට ඇතුලත්ව ඇත.
දේශපාලන හා සමාජ සාහිත්යට ලැදි සියලු දෙනාට මෙදින සහභාගී වන ලෙස මෙහි කතෘ ගාමිණි මුතුකුමාරණ මහතා විසින් ඇරයුම් කර සිටියි.
ස්ථානය : Harrow Arts Centre
171, Uxbridge Road, Hatch End, HA5 4EA
වේලාව : ප.ව. 2.30 සිට රාත්රි 7.00 දක්වා.
ශ්රී ලංකාවේ හා වෙනත් රටවල සිටින සහෘද හිතවතුන්ට facebook සජීව විකාශය ඔස්සේ මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකිය.