දකුණු කොරියාවේ සෝල් අගනුවර මංතීරුවක හැලොවීන් උත්සවය සමරමින් සිටි ජනකායක් තෙරපීම නිසා අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මියගොස් තවත් 65 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනප්‍රිය රාත්‍රී ජීවිත (Night life) දිස්ත්‍රික්කයක් වන Itaewon හි මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.
මළ සිරුරු වීදි වල පෙළ ගැසී ඇති අයුරු හා ඇතැමුන් සිහිසුන්ව වැතිර සිටි අයුරු රූප රාමු ප්‍රසිද්ධ වී ඇති අතර හදිසි සේවා නිළධාරීන් පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් සීමාවන් ඉවත් කිරීමෙන් පසු වසර තුනකට පසු පළමු වරට හැලොවීන් සැමරීහක් සඳහා එක්වූ 20 හැවිරිදි යෞවනයන් බවයි.

තුවාල ලැබූවන්ගෙන් 19 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් බලධාරීන් අනතුරු අගවා තිබෙනවා.
තෙරපීමකට හසු වූ බොහෝ දෙනෙකුට හෘදයාබාධ ඇති වූ බවද නිලධාරීහු පවසනවා.

රාත්‍රී ජීවිතය සඳහා ජනප්‍රිය Itaewon දිස්ත්‍රික්කයේ ප්‍රධාන සාද ස්ථානයක් වන හැමිල්ටන් හෝටලය අසල මංතීරුවක තරුණ තරුණියන් විශාලවශයෙන් ඉදිරියට පැමිණීමට පටන් ගත් අවස්ථාවක මෙම තෙරපීම් ඇතිව ඇතැයි ද සඳහන්.
සමහර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කලින් කියා සිටියේ ප්‍රසිද්ධ පුද්ගලයකු පැමිණෙන බව අසා විශාල පිරිසක් බාර්එ කකට දිව යාමෙන් පසුව මෙම තෙරපුම සිදු වූ බවයි.

ඇස්තමේන්තු කර ඇති පරිදි 100,000 ජනතාවක් හැලොවීන් උත්සව සඳහා Itaewon හි වීදිවලට පැමිණ ඇති අතර, බොහෝ දෙනෙක් විසිතුරු මුහුණු ආවරණ හෝ විසිතුරු ඇඳුමෙන් සැරසී සිට තිබෙනවා.
හැලොවීන් උත්සවයට පෙර සිටම සෙනඟ පාලනය කිරීමට පොලිසිය යොදවා තිබුණත්ඇතිවූ අනපේක්ෂිත තෙරපීම ඔවුනට වළක්වා ගන්නට බැරිව ගොස් තිබේ.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රට පුරා හදිසි සේවකයින් 400කට වැඩි පිරිසක් කැඳවා තිබු අතර ගිලන්රථ වීදිවල පෙළ ගැසී තිබූ අතර, පොලිසිය හා හදිසි සේවකයින් තුවාල ලැබූවන් එකතුකරමින් උදව් කරන්නට විය.
මියගිය අය අතර අවම වශයෙන් විදේශිකයන් දෙදෙනකුවත් සිටින බව වාර්තා වේ.
