කලා ලොව තුල සිටින සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වන චරිත දෙකක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. රංගන ක්ෂේත්‍රයේ අති දැවැන්ත චරිතයක් වන සාරංග , නාරද දිසාසේකර නම් ප්‍රවීණ සංගීත වේදියාගේ එකම පුතණුවන් වනවා. ඒ වගේම තමයි ඔහුගේ මව වන තිලකා මහත්මියත් ගුවන් විදුලි ක්ෂේත්‍රය ඔස්සේ මහත් වූ වැඩ කොටසක් සිදුකරනු ලබනවා. ඉතින් කවුරුත් දන්නවනේ සාරංග දිසාසේකර දිනක්ෂි සමඟ විවාහ වන්නේ දෙවන වරට. ඔහුගේ පළමු විවාහය වෙන්නේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්නයි. ඒත් ඉතින් ඔවුන් දෙදෙනාගේ විවාහය යම් යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා බිඳී යනවා.

මේ වන විට සාරංග දිනක්ෂි සමඟ ඉතාමත් සාර්ථක සතුටුදායක යුග ජීවිතයක් ගත කරනවා. දැන් ඔවුන්ගේ පුංචි කැදැල්ල තවත් එළිය කරමින් සාරන්‍යා දිසාසේකර නමින් පුංචි දියණියක් ද සිටිනවා. ඉතිං පසුගිය දිනකදී දිනක්ෂි එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්චාවකදී මව් පදවියේ දී ඇය විඳි අත්දැකීම් පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඒ මේ විදිහට.

“ඇත්තටම මට මුල මාස 5ක් යනකන් කන්න බැරුව හිටියා. මුල මාස 3ම කෑවේ තියා වතුරවත් බිව්වෙ නැති තරම්. ඒක එක එක්කෙනාට වෙනස්. මම හරි අමාරු කාල පරිච්ඡේදයක් තමයි ගත කළේ. එක දවසක් මට මතකයි සේලයින් 12ක් nonstop දුන්නා. සෑහෙන්න weak වුණා. ගොඩක් කෙට්ටුම වුණා. ඉතින් ඇත්තටම සාරංග ඒ වෙලාවේ ගොඩක් මට උදව් කළා. අම්මි තමා කෑම කැව්වේ. මම බබා හම්බෙන්න කලින් ක්ලාසස් කළා. ඉගෙන ගත්තා. පස්සෙ මම පම්ප් කරලා පෙව්වා. සමහර වෙලාවට කිරි මදි. මට ඕන වුණේ බබාට අවශ්‍ය පෝෂණේ දෙන්න. සමාජයට කියන්න පුළුවන් ගොඩක් දේවල්. ඒත් හිතන්නකෝ කිරි නැත්තම් මොකද කරන්නේ? කිරි නැත්තම් බබාව බඩගින්නෙ තියන්න බෑනේ. ඒ වෙලාවේ අතවශ්‍ය තීරණය අපි ගන්න ඕනි.

මම සෑහෙන්න අඬලා තියෙනවා. සාරංගත් අඬනවා. අපි දෙන්නා බදාගෙන අඬලා තියෙනවා. සාරංගගේ ඒ support එක නැත්තම් මම සෑහෙන්න වැටෙන්න තිබ්බා. මම husbandලට කියන්නෙ ඒ දවස්වල wife ව තදින් අල්ලන් ඉන්න”
ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
