ඇයගේ රූපය වගේම කටහඬත් රසිකයන් වශය කරවන සුළුයි. රූපවාහිනි රියලිටි තරග වල ප්රතිඵලයක් ලෙස සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වුණු ඇය.කීර්ති පැස්කුවල් නම් ප්රවීණ ගායකයාගේ පුතණුවන් හා විවාහ වීමත් සමඟ ක්ෂේත්රයේ ඇය තවත් ජනප්රිය ජනප්රියත්වයට පත් වුණා.ඇය නමින් චේතනා රණසිංහ. වර්තමානයේ වැඩිය නිර්මාණ තුළ ඇය දකින්නට නොමැති වුණත්.සති අන්ත පුවත් පතක් එක්ක ඇය ජීවිතයේ පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් මෙන්න මෙහෙම අදහසක් ප්රකාශ කරල තිබුණා.

ජීවිතයේ සුපුරුදු ලෙස ගෙවිලා යනවා මම මගේ ආයතනයේ රැකියාව කරනවා සතියෙ දින පහ නම් ගෙවිලා යන්නේ ජොබ් එකත් එක්ක. ජොබ් එකට තමයි අංක එක දීලා තියෙන්නේ.සංගීතය අංක 2.පුළුවන් විදියට තමයි සංගීත කටයුතු කරගෙන යන්නේ. සැමියත් සංගීත නිර්මාණ වල වැඩිය නියැලෙන්නෙ නැහැ.එයා ඇමරිකානු ආයතනයක හොඳ රැකියාවක් කරනවා. එයා ජොබ් එකෙන් සෑහීමකට පත් වෙනවා.

ඒ වගේම ඇගේ ආදරණීය මාමණ්ඩිය කීර්ති පැස්කුවල් මහත්මයා ගේ සංගීත ජීවිතයට ලැබෙන සහය සහාය පිළිබඳව ඇය මෙන්න මෙහෙම කතාවක් තමා කියලා තිබුනෙ.ගීතයක් කරලා අවසන් කරන්න කලින් මුලින්ම තාත්තාට ගීතය යවලා අඩු පාඩු හදා ගන්නවා. තාත්තා එදා වගේම අදටත් උදව් කරනවා.

තාත්තත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද කියලා ඇහුවාම ඇගේ උත්තරේ උනේ මේක… තාත්තා එක්ක යුග ගීතයක් කරලා නැහැ . එහෙම කරන්න ඕන කියලා හිතුවෙත් නැහැ. නමුත් තාත්තා එක්ක ගීතයක් කරන්න ආසයි. කසුන් එක්ක නම් යුග ගීතයක් කරලා තියෙනවා.පවුල් ජීවිතය… පිළිබඳ ඇය කිව්වෙ මෙහෙම කතාවක් ගිය අවුරුද්දේ අපිට කියලා ගෙයක් හදා ගත්තා. ඒක අපි හිතපු ලොකු ඉලක්කයක්. අපි දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙවනවා. රටේ තියෙන ප්රශ්න නිසා දරුවෙක් බිහි කරලා දුකක් විඳින්න දෙන්නේ ඇයි කියලා වෙලාවකට හිතෙනවා. තවම දරු සුරතල් බලන්න සූදානම් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
