උණුසුම් පුවත්
Search
Untitled design 45

” මට ආදරේ හරියට විඳින්න නොලැබුණු කෙනෙක් ” – රිතූ ආකර්ෂා

50

රිතූ ආකර්ෂා කියලා කියන්නේ යොවුන් පරපුරේ ඉන්න ඉතාමත්ම දක්ෂ රූමත් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඇය රංගනයට පමණක් නොව නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද නිවේදන ක්ෂේත්‍රය ඔස්සේද නර්තනය ඔස්සේද සිය දක්ෂතා පෙන්වනවා.ඇය මියුසික් වීඩියෝස් රාශියක රංගනයෙන් දායක වන අතර ඒ සෑම ගීතයක්ම පාහේ ජනතාව ආකර්ෂණය කර ගැනීමට සමත් වනවා.මේ දිනවලදී විකාශය වන උතුම් පැතුම් , ඇය ,මහවිරු පණ්ඬු ආදී ටෙලි නාට්‍යයන් ඔස්සේ අපට ඇයව දැකගන්නට පුළුවන්.ඉතින් ඇය සහභාගී වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව පැවසුවේ මෙවන් දෙයක්.

Rithu Akarsha Feet 3652091

“මේ දවස් දවස්වල නම් ටිකක් කාර්යබහුල වුණා.මොකද මේ දවස්වල නිර්මාණ කිහිපයකටම සහභාගී වුනා.සමන් කුමාර මහත්මයාගේ අලුත් නිර්මාණයකටත් මහවිරු පණ්ඬු ටෙලිනාට්‍යයේ රූගත කිරීමුත් මේ දවස්වල සිදුවෙනවා.ඒ වගේම තමයි නිවේදන කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වුණත් මං ඒ කාර්ය බහුල බවට කැමතියි.

Rithu Akarsha Feet 5376889

මේ දවස් වල ගොඩක්ම මාව ජනප්‍රිය වෙලා තියෙන්නේ ජල්ලි ජකිරි වැඩසටහන ඔස්සේ.ඇත්තටම ඒක ඉතාම විනෝදජනක වැඩසටහනක්. හරිම සතුටින් තමයි මං එහි නිවේදන කටයුතු කරන්නේ.සමහර වෙලාවල් වලට මං ගැහැණු පාර්ශවයට help කරන අවස්ථාවල් තියෙනවා.ඒ ඉතින් විනෝදාස්වාදයට.එතකොට වැඩසටහන තවත් රසවත් වෙන නිසා නරඹන ප්‍රේ්ක්ෂකයන් ගොඩක් සතුටු වෙනවා.

Rithu Akarsha Feet 3652095

ඇත්තටම ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මට ලැබෙන්නේ ලැබෙන්නේ නපුරු චරිත විතරමද කියලා.අනේ නැහැ මට නපුරු චරිතයක්ලැබුණේ එකම පැතුම් ටෙලි නාට්‍යයේ දී පමණයි.අනෙක් ටෙලි නාට්‍යවල විවිධාකාරයේ චරිත තමයි මම රඟපෑවේ.ඇත්තටම අදටත් මග තොටේ දී මිනිස්සු හම්බ උනහම මට කතා කරන්නෙ රිතූ කියලා නෙවෙයි.මම රඟපාපු චරිත වල නම් කියලා.ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්.මොකද මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරපු නිසා තමයි මිනිසුන්ගේ හදවතේ ඒ චරිතය රැඳී තිබෙන්නේ.මම මේ තාක් හම්බ කරපු සම්මානයම එක තමයි.කවදම හරි හොඳම නිළියට හිමි සම්මානය ලබාගන්න ලොකු හීනයක් තියෙනවා.

Rithu Akarsha Feet 3652100

මට විවාහ යෝජනා නම් ඕනතරම් ක්ෂේත්‍රයෙන් ලැබෙනවා.නමුත් මම තාම ඒ ගැන හිතලා නැහැ.මොකද ගොඩක් ප්‍රසිද්ධ වෙලා විවාහ වෙන අයගේ පවුල් ජීවිත ගොඩක් වෙලාවට මම දකින විදිහට සාර්ථක වෙලා නැහැ.විවාහ වෙලා ටික දිනෙකින්ම වෙන් වෙලා යනවා.ඒ හේතුව නිසාම මම විවාහයට ඇත්තටම බයයි.අනෙක් දේ තමයි මට හරියට ආදරයක් විඳින්න හම්බවෙලා නෑ.ඉතිං ආදරේ කියන දේ මට අවශ්‍යම වෙලාවට ඒ කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.මම කැමති නැහැ ඉක්මනින් තීරණයක් අරගෙන විවාහ වෙලා පසුව වෙන් වෙන්න” කියලා තමයි ඇය පවසා සිටියේ.

රිතූ ආකර්ෂා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින දක්ෂ කලා ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා පතන ගමන්ම ඇයගේ සියලුම වැඩ කටයුතු සඳහා සුභාශිංසන එක් කරනවා.

e53a7c7b85d38eb3e6c38139614defa3