උණුසුම් පුවත්
Search
plam it 1

”සමහරු මං එක්ක තියෙන තරහවල් පිරිමහන්න සෑහෙන්න මඩ ගහනවා” – දමිතා අබේරත්න

4138

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ. සිංහල ටෙලි නාට්‍ය කලාවේ වගේම සිනමාවේ අද්විතීය චරිත රැසක් නිරූපණය කරපු ඇය අද වන විට සමාජය තුළ විවිධ ක්ෂේත්‍ර තුළ අවදානයට ලක්වෙන, කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.

පසුගිය කාල සීමාවේදී දමිතා අරගලය කරන භූමිය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට වැඩ කළා…. ඒ නිසා හැමෝම ඇයට ”ලක් අම්මා” කියන අන්වර්ථ නාමයෙන් කතා කරන්නත් අමතක කළේ නෑ.

May be an image of 1 person and smiling

නමුත් මේ සියලු දේවල් එක්ක පසුගිය දවසක ඇයට බන්ධනාගාරගත වෙලා දවස් කීපයක් ඉන්න සිද්ධ වුණා.

ඒකට හේතුව වුණේ කොරියන් යවනවා කියලා එක්තරා මනුස්සයෙක්ගෙන් දමිතා මුදල් වංචා කරා කියන චෝදනාවයි. හැබැයි තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙනවා… ඒ කෙසේ නමුත් දමිතා ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබ්බේ මේ විදිහටයි.

No photo description available.

“දමිතා අබේරත්න කාටවත් වංචා කරල නෑ….. කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ. කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි. මොකද මට හැමදාම ඕනි වුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න…. මම පැපිලියාන ගමේ ඉන්නේ. ගේ තියෙන්නේ අපේ ආච්චිගෙන් ලැබුණු ඉඩමක…… මං පාවිච්චි කරන ෆෝන් නම්බරේ අවුරුදු 25ක් විතර පරණයි. මං ඔය කියන විදිහේ දේවල් කරා නම් මම ඔහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරයිද…… සමහරු මං එක්ක තියෙන වෙනත් තරහවල් පිරිමහන්න මාධ්‍ය හරහා සෑහෙන්න මට මඩ ගහනවා….”

No photo description available.

ඉතින් ඇය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වලා තිබ්බේ ඔන්න ඔය විදිහටයි.

No photo description available.

No photo description available.

Source – Kotuwa pattare