උණුසුම් පුවත්
Search
sheshadrie 1 1

”සමහරු තාම කතා වෙන්නේ මගේ අතීතේ ගැන” – මව් පදවිය ලැබූ ශේෂාද්‍රි දුකින් කියන කතාව

635

මෑතක දී මව් පදවිය ලැබූ ශේෂාද්‍රි ප්‍රියසාද්, ප්‍රියසාද් පවුලේ වැඩිවශයෙන් කතාබහට ලක්වෙන කතාබහට ලක්වෙන චරිතයක් නම් නෙවෙයි. වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු මෙන්ම සංගීත ශිල්පියෙකු ලෙසද ප්‍රකට ක්‍රිෂාන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසීමත් සමඟ නම් ඇය ගැනත් බොහෝ දෙනාගේ අවදානය යොමුවුණා. පළමු විවාහයට සමුදුන් ශේෂාද්‍රි ඉන් අනතුරුව බොහෝ කලක් හිටියේ නිහඩවයි. නමුත් දැන් ඇයත් එක්දරු මවක්. ක්‍රිශාර්යා නම් ආදරණිය දියණියකගේ මවක් විදියට දැන් ශේෂාද්‍රි කාලය ගතකරමින් තමයි සිටින්නේ. මව් පදවිය කියන්නේ ඇයට අලුත් අත්දැකීමක් නිසා අක්කාගෙන් බොහෝ දේවල් ඉගනගනිමින් ඉන්නවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

image 391

ඉතින් ඇය දැන් ගෙවන ජිවිතේ ගැන පසුගියදා පුවත්පතකට අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි….

”ඇත්තටම විවාහයෙන් පස්සේ මම ගොඩක් වෙනස් ජිවිතයක් ගත කලේ. තනිකඩව ඉන්න කාලේදී වගේ නෙවෙයි උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නින්දට යනකල්ම හැමදේම වෙනස් අත්දැකීමක් වගෙයි දැනෙන්නේ…. දැන් මම දියණියක් ඉන්න අම්මා කෙනෙක් විදියට තවත් වගකීම් ගොඩක් ජීවිතේට ඇවිල්ලා තියනවා. හැබැයි තාමත් මට එච්චර අත්දැකීම් නැති නිසා පුරුදු වෙමින් තමයි ඉන්නේ……

image 392
image 393

අක්කි දිනක්ෂිගෙ දුව හම්බ වුනාට පස්සේ එයාට කවලා පොවලා බලාගත්තු නිසා ටිකක් අත්දැකීම් තිබුනා…. එහෙම ඉඳලා මමත් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තම පුදුම සතුටක් දැනුනේ. අක්කිගෙ දියණිය නලවන කාලෙදිත් මගේම දරුවෙක් කියලා හිතාගෙන තමයි හැමදේම කලේ. විවාහයකින් පස්සේ හැම කෙනෙක්මගේ ආසාවක් තමයි දරුවෙකුගේ දෙමාපියන් වෙන එක…. ඉතින් ඒක මටත් තිබුණා…..

image 394
image 390

බබා ලැබුනට පස්සේ වගකීම් ගොඩක් තියනවා. මගේ අම්මත් අපි තුන්දෙනාව බලාගත්තේ කොහොමද කියලා දැන්නම් දැනෙනවා….. ටික කාලෙක ඉඳලා මම රඟපෑවේ නැහැ, හැබැයි ප්‍රේක්ෂකයින්ට මාව අමතක වෙලා නැති එක ගැනනම් පුදුම සතුටක් දැනෙන්නේ…. සෝෂල් මිඩියා වලත් අපේ ෆොටෝස් නිතරම දාන නිසා අමතක වෙන්නෙත් නැහැනේ….

101

සමහරු කියනවා මම නපුරුයි කියලා, තවත් අය කියනවා අහිංසකයි කියලා. කෙනාගෙන් කෙනාට අපිව දකින ආකාරය වෙනස්. ඇත්තටම මන් වැඩිය අහිංසකත් නැහැ, කියන තරම් නපුරුත් නැහැ. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්දහසේ ඉන්න කැමති කෙනෙක්.

image 388

මගේ අතීත කතා ගැනත් සමහරු තාමත් කතා වෙනවා. ඕනම කෙනෙක්ට ජිවිතේ එකපාරක් හරි කොතැනක හරි වැරදිලා තියනවා. ඒවා හදාගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕන…” කියලා තමයි ඇය නම් සඳහන් කරන්නේ.

කොහොම නමුත් පහුගිය දේවල් ජීවිතේට පාඩමක් කරගෙන සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න ඇයට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපිත් සුබ පතනවා.

5 11
image 389
3 6
2 11

Source – Rata wasiya

Photos – Sheshadrie priyasad fb account




Leave a Reply

Your email address will not be published.