ජනප්‍රිය රංගන ශිල්පිනි හර්ෂි රසංගා කියන්නේ පොඩි වයසේදීම කලාවට ඇවිත් හැමෝම ආදරේ දිනාගත් කෙනෙක්. ඉතින් මේ සුරූපී තරුණිය පෙනුමට හිටියත් තාමත් එච්චර වයසක් නැහැ. පොඩි වයසේදීම මෙතරම් දක්ෂතා තියන නිසාම තමයි හර්ෂි මෙතරම් ඉස්සරහට ඇවිත් ඉන්නේ. තාමත් වයස 18ක් පමණ වෙන ඇය සමඟ කළ කතාබහක උපුටනයක් තමයි මේ.
”ඇත්තටම මගේ වයස දහ අටක් උනාට මාත් එක්ක සමාන අනිත් අයත් එක්ක බලද්දී මට අත්දැකීම් ගොඩක් තියනවා…. වයසටත් වඩා සමාජය ගැන මිනිස්සු ගැන ගොඩක් දේවල් දන්නවා. දැනුමත් හැකියාවත් නිසාම තමයි මට මෙතරම් දුරක් එන්න හැකියාව් ලැබුනේ. මම කලාවට ආවේ පොඩිම කාලේ නිසා ලැබුනේ ළමා චරිත විතරයි. මෑතකදී තමයි පෙම්වතියක් විදියට රඟපාන අවස්ථාවක් ලැබුනේ….”

ඇය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්…..
”දැන් නම් ඉතින් මට පෙම්වතිය විදියට රඟපාන්න බැරිකමක් නැහැ. අලුත් නිර්මාණ සමග වැඩ කිහිපයක්ම කරගෙනත් යනවා. දැනට රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය වලටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ හැමදෙයක්ම ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකින් වීමත් විශේෂත්වයක්. හොඳ චරිතයක් ලැබුනට පස්සේ හරිම ආසාවෙන් තමයි ඒක රඟපාන්නේ. පොහොසත් දුප්පත් ගැමි චරිත එහෙමත් කරලා තියනවා.

පිටපත කියවද්දී හිතට දැනෙන ඕන චරිතය හිතේ මැවෙන්නේ නැත්නම් වැඩක් නැහැ. අනිත් එක ප්‍රවීනයන් එක්ක රඟපාන්නත් අවස්තාව ලැබෙනවා. මම ඉපදෙන්න ඉන්නකොටත් අම්මට ඕන වෙලා තියෙන්නේ මාව නිලියක් කරන්නලු. මොනවා කලත් ඉගැනීමේ වැඩත් අත්හරින්නේ නැහැ. අනික හැමදාම එකම චරිතය කරද්දී අපිටත් එපාවෙනවා ප්රේක්ෂකයින්ටත් එපාවෙනවා. ක්ෂේත්රයේ ඉස්සරහට යන්න එක එක විදියේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ට එන ලොකුම ප්‍රශ්නයක් තමයි අයුතු යෝජනා වලට මුහුණ දෙන්න සිද්දවෙන එක. එහෙම තැන් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. ආදර යෝජනාත් එහෙම තමයි ඕනෑ තරම් ලැබෙනවා. මමත් ආදරේ කරලා තියන කෙනෙක්. සමහර පිරිමි ළමයි ගැහැණු ළමයිව රවට්ටනවානේ. සමහරු හිතාගෙන ඉන්නේ පෙම්වතියගේ කන්‍යා පටලය තිබුනම හැමදේම හරි කියලා. කවුරුහරි කෙනෙක් එහෙම දේවල් වලට විතරක් යන්න කතාකරනවා නම් පිරිමි ළමයාගේ පැත්තෙනුත් හොයලා බලන්න ඕන….”




- ”විනූ අඬනවට මං හරි බයයි, ඇඬුවොත් නළවගන්න අමාරුනේ” – සුරූපි නිළි විනූගේ සැමියා
- ”මගේ බිරිඳ හෂිනි දන්නවා මාව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා” – ධනංජය සිරිවර්ධන
- ”දෙවෙනි ඉනිමේ හිටපු ලිහිණි තරම් මට හොදට බෑ” – උපේකා රවිහාරි
- ”මගේ හස්බන්ඩ් කෝටිපතියෙක් නෙවෙයි” – රටේම තරුණයින් හඬවමින් විවාහ ගිවිසගත් හර්ෂි රසංගා
- ”මල්ලි කිව්වට මට ඉන්නේ නිවුන් සහෝදරයෙක්” – අංජුලා රාජපක්ෂ