උණුසුම් පුවත්
Search
social media

සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු – පනත් 05ක් වහාම සංශෝධනයට යෝජනා

81

ජාතික ආරක්ෂාවට ඉඳුරාම බලපාන සමාජ මාධ්‍ය වල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත් තවත් පනත් 04ක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත.

මෙම පනත් සංශෝධනය කළ යුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්න ද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීමෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත් ආකාරය ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දී ඇත.

image 264

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේ මේ බව පෙන්වා දී ඇත.

ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙයට එක්වී සිටියහ.

ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය නියාමන පනත, කඩිනමින් ගෙන ඒමටත් ඉඩම් පනත, ආගමන විගමන පනත, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ පනත, අන්‍යාගම් වලට හැරවීම සඳහා වූ පනත් වහාම සංශෝධනය කිරීමටත් දිගින් දිගටම කළ ඉල්ලීම් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කර ඇත.

ආසියානු කලාපයේ දුර්වලම නීති පවතින්නේ මෙරට තුළ බැවින් වහාම මෙම නීති සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යංශය වෙත පැවැරීමට මෙහිදී තීරණය කර තිබේ.

Source – lankaanews




Leave a Reply

Your email address will not be published.