උණුසුම් පුවත්
Search
madhavee

”හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරේ මගේනේ” – මාධවී වත්සලා

1145

අමුතුවෙන්ම හඳුන්වා දිය යුතු නැති, රටම හඳුනන ඇය මෙරට ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ එකම දියණිය මාධවී වත්සලා ඇන්තනීයි.

රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට මෙන්ම සිතුවම්කරණයටත් එක සේ දස්කම් දක්වන ඇය වෘත්තීය ලෙස කලක් සහාය කථිකාචාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.

May be an image of 1 person, smiling and newsroom

එසේ වුවත් ඇය පුද්ගලික ජීවිතය තුළ නම් අසමත් අයෙක් ලෙසයි ඇතැම් ප්‍රේක්ෂකයින් ඇයව හඳුන්වන්නේ. ඊට හේතුව ඇය විවාහ 02කටම සමු දී සිටීමයි.

මේ වන විට ඇය යළිත් පෙම්වතියක් බව සමාජ මාධ්‍ය පුරා සැරිසරන ඔබට නම් අලුත් පුවතක් නොවේ.

May be an image of 2 people, beard and people smiling

ඉතින් යළිත් වරක් කලාවට ලැදි අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නීතිවේදියෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගයි ඇය පෙමින් බැඳෙන්නේ.

May be an image of 2 people and wedding

මේ දින වල ඇගේ පෙම් පුවත ඉතා ජනප්‍රියයි.

ඉතින් මේ සතියේ පුවත්පත් පිටුවක් සරසපු ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පෙළක් සමඟ මේ වගේ සටහනක් තිබුණා.

May be an image of 2 people, beard, people smiling and wedding

”හිනැහෙන්න ළංවෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරේ මගේනේ!! 🌹” යනුවෙන්.

May be an image of 2 people, beard and people smiling