උණුසුම් පුවත්
Search
Untitled design 15

” සැමියා රට ඉන්න නිසා අයුතු යෝජනා ගොඩක් එනවා. සැමියා මුලදි නම් මාව සැක කලා ” – තරුෂි පෙරේරා

146

පුංචි තිරයේ සිටින අහිංසකම රංගන ශිල්පිනියක් තමයි තරුෂි පෙරේරා කියලා කියන්නේ. මේ දවස්වල බොහෝ ටෙලි නාට්‍යයන් වල මවගේ චරිත වලට පණ පොවන ඇය සැබෑ ජීවිතයේදීත් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය විවාහ වී සිටින්නේ සුමේධ නමින් හඳුන්වන කඩවසම් තරුණයෙක් සමඟයි. ඔහු ඩුබායි රටේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන අයෙක්. යෝජිත විවාහයකික් එක වහලක් යටට ගොස් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඔවුන් දෙපළ ඉතාමත්ම ආදර්ශමත් මවුපිය දෙදෙනෙක් වෙනවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව රසිකයන් නොදත් තොරතුරු බොහොමයක් කියා සිටියේ මේ විදියට.

THARUSHI 2

” මේ දවස් වල නම් රංගන වැඩ කටයුතු ටිකත් කරගෙන අලුත් වැඩකට අත ගහන්න බලාගෙන ජීවිතේ ගෙවනවා. සැමියා නම් ටිකක්වත් කැමති නැහැ මම රඟපානවට. මුලදි කමක් නැහැ කිව්වට විවාහ වුණාට පස්සේ එපා කිව්වා. මට හොඳම චරිත ලැබුණු නිසා භාර ගත්ත චරිත නොකර ඉන්න ලෝබ හිතුණා. ඊට පස්සේ පුතා ලැබෙන්න හිටපු නිසා ටිකක් නිහඬව හිටියා. නමුත් මම රඟපාන්නේ නැහැ කියලා කිව්වේ නැහැ.

මාධ්‍යවේදියා විසින් ඇයගෙන් පැණයක් නගනවා සැමියා විදෙස්ගතව සිටින නිසා ඇයට අයුතු යෝජනා එන්නෙ නැති ද කියා. ඉතින් එයට ඇය පිළිතුරු දුන්නේ මේ විදියට.

67160208 2424793014432568 906067889902059520 n

” ගැහැනු පිරිමි භේදයකින් තොරව මම මිනිස්සු ආශ්‍රය කරනවා. ඒ වගේ යෝජනා නැහැ කිව්වොත් ඒක බොරුවක්. එහෙම එන යෝජනා සියල්ල කපා හරිනවා. කෙළින්ම කිව්වොත් number එක පවා block කරනවා. මම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැහැ. සැමියා මුලදි සැක කළා. ඒක සැකයක්ම නෙමෙයි එයාට මාව නැති වෙයි කියන බය වෙන්න ඇති. දැන් එයා දන්නවා එයාට මාව නැති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පාඩුවේ ඉන්නවා. “

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

THARUSHI 1