උණුසුම් පුවත්
Search
maneesha

”මම පොඩි කාලේ ඉදන් බලාපොරොත්තු වුණේ මගේ පෙම්වතා බොරු ශෝ නැති අවංක කෙනෙක් වෙන්න ඕන කියලයි” – මනීෂා චංචලා

2817

ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ, ප්‍රකට රංගන තරුවක් තමයි මනීෂා චංචලා කියන්නේ. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින් ලැබෙන රංගන ශිල්පිනියක්. ඉතින් සමාජ මාධ්‍යයේ කවුරුත් අතර කතා බහට ලක් වෙන මනීෂා චංචලා මේ දිනවල දැක ගන්න ලැබෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘අපි එක රෑණේ’ ටෙලිනාට්‍යය තුළ. එහි වර්ෂා විදියටයි මනීෂා චංචලා රංගනයෙන් දායක වෙන්නේ.

No photo description available.

පුංචි තිරයේ විවිධ රැගුම් රගන මනීෂා ගැන කවුරුත් උනන්දුවෙන් මේ දින වල කතා කරන්නට වෙලා. ඒ ඇයගේ ප්‍රේම සම්බන්ධය නිසයි. ඉතින් මනීෂාගේ හිත ගත්ත ඔහු තමයි ජනප්‍රිය රංගන ශිල්පී අශේන් සිරිවර්ධන. අශේන් සහ මනීෂා සමාජ මාධ්‍යයේ විවිධ කතා බහට ලක් වුණත් විවිධ විවේචනයන් අහන්නට සිදු වුණත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මනීෂා, අශේන් ගැන කිව්වේ මේ වගේ අදහසක්.

May be an image of 2 people, people standing and indoor

”මම පොඩි කාලේ ඉදලම බලාපොරොත්තු වුණේ ආදරය උපරිමයෙන් තියෙන කෙනෙක්. මම ආදරය උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ නිසා බොරු ශෝ නැති හිතට අවංකව වැඩ කරන අශේන් වගේ කෙනෙක් මම හෙව්වේ. මට පොඩි කාලේ ඉදලා ලොකු ලොකු හීන තිබුණෙ නෑ. ලොකු වෙඩින් ගන්න ඕන වුණේ නෑ…’’

May be an image of 1 person, standing, ocean and text that says 'GS OGS SANDARUWAN PIYATHISSA'