උණුසුම් පුවත්
Search
madhavee and kasun

”මං මහත් වෙලා නිසා ගොඩක් අය කෝල් කරලා අහනවා අම්මා කෙනෙක් වෙන්න යනවද කියලා” – මාධවී ඇන්තනී

2837

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් අවදානයට ලක්වෙන චරිතයක් තමයි රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඇය, කවුරුත් හඳුනන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණීය දියණියයි. තාත්තගේ වියෝවෙන් පස්සේ මාධවී මානසික අතින් බොහෝ සෙයින් වැටුණු චරිතයක් බවට පත්වුණා.

May be an image of 1 person, blonde hair and braids

පෞද්ගලික ජීවිතය තුළ මාධවීගේ දෙවන විවාහය ද දෙදරා ගිය බව ප්‍රකට කරුණක්. පියාගේ රෝගී තත්වයත් සමඟම ඇයගේ විවාහ ජීවිතයත් අවුල් සහගත තත්ත්වයක පැවතුණ අතර පසුකාලීනව ඇයගේ දුක බෙදා ගත්තු ආදරණීය චරිතයක් ඇයට හම්බවෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි කලා ක්ෂේත්‍රයේ දක්ෂ ගී පද රචකයෙක් වූ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

May be an image of 2 people, people smiling and wedding

අද වෙද්දි මේ දෙදෙනාම දුක සැප බෙදාගෙන එක වහලක් යට ජීවත් වන යුවළක් බවට පත්වෙලා. එනිසාම සමාජයේ බොහෝ දෙනෙක් මාදවීගේ අලුත්ම ජීවිතයත් එක්ක ඇය දරුවෙක් බලාපොරොත්තුවෙන් කාලය ගත කරනවා කියන කතාව සමාජගත කරන්න පටන්ගෙන තියෙනවා…. මේ දේවල් නිසා හැමෝම අහන්න පටන් ගත්තා ඇය දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවද කියලා. ඉතින් එක්තරා ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකදී කසුන් සහ මාධවී සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

May be an image of 1 person, braids and smiling

“ඉස්සෙල්ලාම දරුවන් එක්කෙනෙක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ…. නිවුන් වෙයිද දන්නෙ නැහැ…” ලෙසයි කසුන් කියා සිටියේ.

”මං පසුගිය කාල සීමාවේදී ගොඩක් මහත් වුණානේ. ඊට පස්සේ බහුතරයක් දෙනා එයාට කෝල් කර කර අහලා තියෙනවා. මම දරුවෙක් බලාපොරොත්තු වෙන්ද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම බොහෝ දෙනෙක්ගේ ආශිර්වාදයත් එක්ක තමයි එහෙම හිතෙන්නේ. ඉතින් එහෙම හිතන එක ගැනත් අපි ගොඩක් සතුටුයි….” මාධවී ඒ සම්බන්ධයෙන් අහලා තිබුණහම ඔන්න ඔය වගේ පිලිතුරක් තමයි දීලා තිබුණේ.

May be an image of 2 people, beard, people smiling, television and newsroom

May be an image of 1 person, beard and smiling

May be an image of 2 people, beard and people smiling

May be an image of 2 people and beard