උණුසුම් පුවත්
Search
sajitha

”මම තරුණ වයසින්ම කසාද බැන්ද නිසා හැමෝම ඇහුවා ඇයි ඉක්මනට බදින්නෙ කියලා” – සජිත අනුත්තර

2625

ජැක්සන් ඇන්තනී ආදරණීය කලාකරුවාගේ චූටි පුතා කිව්වම අද වෙන විට නම් ඕනම කෙනෙක් දන්නවා. රංගනයට, නිවේදනයට, ගායනයට වගේම ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා දක්වන සජිත අනුත්තර ටෙලි තිරය තුළ වගේම සිනමාව තුළත් ඔහුගේ රංගන කුසලතාවයන් ප්‍රේක්ෂකයන්ට හොදින් ගෙන එනවා.

May be an image of 2 people, child, people standing and outdoors

මෑතකදී සජිත වැඩිපුර ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ ඔහු ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා චරිතය හරහා යි. ඉතින් ජනප්‍රියත්වය කියන දේ කුඩා කාලයේ ඉදලම දැක ගත්ත සජිතට අප්පච්චිගේ කලා ආභාෂය හොදින්ම ලැබිලා තියෙන කෙනෙක් කිව්වොත් නිවැරදියි.

May be an image of 1 person, sitting, standing, body of water and beach

ළමා රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයේ ඉතා දිගු කාලයක සිට හිටපු සජිත මේ වන විටනම් සිය පෞද්ගලික ජීවිතයේ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඉතින් පියෙක් විදියට සියලු යුතුකම් ඉටු කරන සජිතට ඔහුගේ විවාහය ඉක්මනින් සිදු කරන්නේ ඇයි දැයි බොහෝ දෙනාට ගැටලුවක්ව තිබුණු හේතුව ඔහු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා…..

May be an image of 2 people, child and outdoors

”මම විවාහ වෙන්න යනවා කිව්වම හැමෝටම තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි මේ තරුණ කාලෙදිම විවාහ වෙන්නෙ කියලා…. මම හිතන්නේ මගේ ජීවිතේ පිළිවෙලක් වුණේ මගේ විවාහයෙන් පසුවයි. මම විවාහ වූ දවසේ ඉදලා අද වෙන විට ගීත 04ක් කරලා තියෙන්නෙ. අනික මගේම ආයතනයක් පටන් ගත්තා, චිත්‍රපට කලා. ඒ හැමදේම හොදින් කරගත්තේ විවාහ වුනු නිසා. හිමින් ගමනක් ගියාට සාර්ථක ගමනක් යන්නේ බිරිද නිසා….” කියලා තමයි ඔහු සඳහන් කළේ.

ඒ වගේම සජිත විවාහ වුණු සුරූපී බිරිඳ, බුවිනිකා ද ව්‍යාපාරික කාන්තාවක්. ඇය ප්‍රකට රෙදිපිළි අලෙවි නිපැයුම් නාමයකට ද හිමිකම් කියනවා.

May be an image of 2 people, child, people standing and indoor