උණුසුම් පුවත්
Search
king coconut

සුදු මැස්සා නිසා දෙසැම්බරයේ තැඹිලිත් හිඟ වන ලකුණු

75

”සුදු මැස්සා” නමැති කෘමියාගේ වැඩි බලපෑම් එල්ල වන්නේ තැඹිලි ගස්වලට නිසා ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇති විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි.

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සාගේ හානිය තැඹිලි ශාකයට වැඩි වශයෙන් බලපෑ ඇත්තේ තැඹිලි කහ පැහැයට මෙම කෘමියා ආකර්ෂණය වීම ​හේතුවෙනි.

මෙවර වැඩිපුරම තැඹිලි වවන්නේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් වන අතර වැඩිපුරම තැඹිලි අපනයනය කෙරෙන්නේ මැදපෙරදිග රටවලටය.

පසුගිය වසරේදී තැඹිලි ගෙඩි ලක්ෂ 95ක් අපනයනය කර ඇති නමුත් මෙම වසරේ පැතිරෙමින් ඇති සුදු මැස්සා හානිය නිසා ඉදිරියේදී තැඹිලි අපනයන වෙළෙඳපොළට ද බලපෑමක් එල්ල විය හැකිය.

මේ වන විට සුදු මැස්සා උවදුර මගින් මෙරට පොල් වගාවේ අක්කර 2000කට පමණ හානි සිදුව ඇති බව පොල් පර්‌යේෂණ ආයතනයේ පර්‌යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි ආරච්චිගේ පවසයි.

කෙසේ වෙතත් මේ වනතුරුත් සුදු මැස්සා විනාශ කළ හැකි පළිබෝධනාශකයක් හෝ වෙනත් කෘමි වර්ගයක්ද හඳුනාගෙන නැත.

නිර්මාණි තිලකසිරි