උණුසුම් පුවත්
Search
hiv

HIV පරීක්ෂණ නවතින ලකුණු – රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් !

51

පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන් HIV ආසාධිත රෝගීන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා.

අද (08) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

මේ හේතුවෙන් රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් මතුව ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

2021 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් 4,142ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළ දත්ත ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

එහි සංඛ්‍යා ලේඛන අනුව ඉන් 2,912 දෙනෙකු පිරිමින් වන අතර, 1,230ක් කාන්තාවන් බව සඳහන්.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වැඩිම HIV ආසාදිතයින් පිරිසක් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කර සිටිනවා.